14. [විපාක මිශ්‍රකයේ] සන්නය

star_outline

කම්මවිස්සකයට අනතුරු ව විපාක මිස්සකය වදාළ සේක. එ ද සභාග ඝටනා වශයෙන් දෙවැදෑරුම් වේ. විපාකමූලක හේතු සභාගය ය, අධිපති සභාගය ය, සහජාත සභාගය ය, අඤ්ඤමඤ්ඤ සභාගය ය, නිස්සය සභාගය ය, කම්ම සභාගය ය, ආහාර සභාගය ය, ඉන්‍ද්‍රිය සභාගය ය, ඣානසභාග ය, මග්ගසභාගය ය, සම්පයුත්ත සභාගය ය, විප්පයුත්ත සභාගය ය, අත්‍ථි සභාගය ය, අවිගත සභාගය යි සභාගවාර තුදුසකි.

(1.) එයින් හේතුසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක හේතු තුන - “විපාකපච්චයා හේතුයා එකං”

(2.) අධිපතිසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපතිචිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන ඵලනාමස්කන්‍ධයන්හි ඇති අධිපතිධර්‍මසතර අතුරෙන් එක එකක්වූ අධිපති ප්‍රත්‍යයධර්‍මයෝ - “විපාකපච්චයා අධිපතියා එකං”

(3.) සහජාතසභාගයෙහි ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන සකල විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු - “විපාකපච්චයා සහජාතෙ එකං”

(4.) අඤ්ඤමඤ්ඤසභාගයෙහි ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකලවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය යන මොහු - “විපාකපච්චයා අඤ්ඤමඤ්ඤෙ එකං”

(5.) නිස්සයසහභාග සහජාත සභාගය මෙනි.

(6.) කම්මසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකයන්හි චේතනාව - “විපාකපච්චයා කම්මෙ එකං.”

(7.) සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකනාමාහාරයෝ - “විපාකපච්චයා ආහාරෙ එකං.”

(8.) ඉන්‍ද්‍රිය සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකයන්හි ඇති නාමේන්‍ද්‍රිය ධර්‍මයෝ “විපාකපච්චයා ඉන්‍ද්‍රියෙ එකං”

(9.) සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකයන්හි ධ්‍යානාඞ්ග ධර්‍මයෝ “විපාකපච්චයා ඣානෙ එකං.”

(10.) මග්ගසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකචිත්තයන්හි මාර්‍ගාඞ්ග ධර්‍මයෝ - “විපාකපච්චයා මග්ගෙ එකං”

(11.) සම්පයුත්තසභාගයෙහි ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකලවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ “විපාකපච්චයා සම්පයුත්තෙ එකං”

(12.) විප්පයුත්තසභාගයෙහි චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ - “විපාකපච්චයා විප්පයුත්තෙ එකං”

(13. 14) අත්‍ථිසභාග විගතසභාග දෙක සහජාත සභාගය මෙනි.

ඝටනා

සභාගයන්ට අනතුරු ව ඝටනාවන් වදාළ සේක. සබ්බට්ඨානික ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව ය, සවිප්පයුත්ත ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ විප්පයුත්ත ඝටනාවය යි ඝටනා පසෙකි. සවිපාක සහජාත ඝටනාවන් අනුව විස්තර කරනු.