12. [ආසේවන මිශ්‍රකයේ] සන්නය

star_outline

පශ්චාජ්ජාතමිශ්‍රකයට අනතුරු ව ආසේවනමිශ්‍රකය වදාළ සේක. එද සභාග ඝටනා වශයෙන් දෙවැදෑරුම් වේ. එහි ආසේවන මූලක අනන්තර සභාගය ය, සමනන්තර සභාගය ය, උපනිස්සය සභාගය ය, නත්‍ථි සභාගය ය, විගත සභාගය ය යි සභාග වාර පසෙකි.

ආසේවන මූලක අනන්තරසභාගයෙහි සකලාසේවන ප්‍රත්‍යය ධර්‍මයෝ - “ආසේවන පච්චයා අනන්තරෙ තීණි” සමනන්තර සභාගාදිය ද එසේ ම ය. ඝටනා එකකි. සකලාසේවනප්‍රත්‍යය ධර්‍මයෝ - “ආසෙවන අනන්තර සමනන්තර උපනිස්සය නත්‍ථි විගතන්ති තීණි”