විභඞ්ගවාරයට අනතුරුව සඞ්ඛ්‍යාවාරය වදළා සේක. එය ශුද්ධ සඞ්ඛ්‍යාවාර ද්විකාදිසඞ්ඛ්‍යාවාර වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් ශුද්ධ සඞ්ඛ්‍යාවාරය පළමු කොට වදාළ සේක. එය න හේතු ශුද්ධ සඞ්ඛ්‍යාවාර න අධිපති ශුද්ධසඞ්ඛ්‍යා වාරාදි වශයෙන් දස වැදෑරුම් වේ. එයින් නහේතු ශුද්ධ සඞ්ඛ්‍යාවාරය පළමුකොට වදාළ සේක. ඒ න හේතුශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි මෝහමූලද්වයෙහි මෝහය හා අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ න හේතුප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. එ බැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝම පච්චනීයයෙහි ‘න හෙතුයා ද්වෙ’ යි වදාරන ලදහ.
න අධිපති ශුද්ධයෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි අකුසල අහේතුක ක්‍රියා මහාකුශල මහාක්‍රියා ලෞකිකවිපාකයෝ ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ න අධිපති ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. ‘න අධිපතියා තීණි’
න පුරේජාතශුද්ධයෙහි අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහා කුශල මහාක්‍රියා අරූපකුශල අරූප ක්‍රියා උපරිම මාර්‍ග සකල ඵලයෝ ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ‘න පුරෙජාතෙ තීණි’
න පච්ඡාජාතයෙහි සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ‘තීණි’
න ආසේවනයෙහි අකුසල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය, ආවර්ජන දෙක ය, විපාකසිත් සතිස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ‘තීණි’
න කම්මයෙහි කුශලාකුශලක්‍රියා චේතනාවෝ ‘තීණි’ න විපාකයෙහි සකල කුශලාකුශලක්‍රියා නාමස්කන්‍ධයෝ ‘තීණි’ න ඣානයෙහි ද්විපඤ්චවිඥාන නාමස්කන්‍ධයෝ ‘එකං’ න මග්ගයෙහි අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, ‘එකං’ න විප්පයුත්තයෙහි අරූපවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය. අරූප භූමියෙහි උපදනා අවස්ථාවෙහි ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහා ක්‍රියා අරූපකුශල අරූපක්‍රියා ප්‍රථමමාර්‍ග වර්ජිත ලෝකෝත්තර නාමස්කන්‍ධය යන මොවුහු විප්පයුත්තෙ ‘තීණි’
ශුද්ධ සඞ්ඛ්‍යාවාරය නිමි.
ශුද්ධසඞ්ඛ්‍යාවාරයට අනතුරු ව ද්විකාදි සඞ්ඛ්‍යාවාරය වදාළ සේක. එහි න හේතුද්විකාදි වාරාදි වශයෙන් වාර දශයෙකි. එයින් න හේතුදුකාදිය පළමු කොට වදාළ සේක. එ ද දිවික ත්‍රිකාදි වශයෙන් දශ වැදෑරුම් වේ. එයින් දුකවාරය පළමු කො ටවදාළ සේක. එය ද න හේතුමූලක නාධිපතිදුකාදි වසයෙන් නව වැදෑරුම් වේ. එයින් න හේතුමූලක නාධිපතිදුකය පළමු කොට වදාළ සේක.
ඒ න හේතුමූලක න අධිපති දුකයෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත අකුශල මහාකුශල මහාක්‍රියා සහේතුක ලෞකිකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොහු නාධිපතිප්‍රත්‍යයෝත්පන්න වී න හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් න හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් අනුලෝම පච්චනීයයෙහි “හෙතුපච්චයා නාධිපතියා තීණි” යනු වදාළ සේක.
න හෙතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න පමණක් වී නාධිපති ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍ම නැත්තේ ය, එ බැවින් පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා අධිපතියා” යනාදිය නො වදාළ සේක.
අධිපති ධර්‍ම වර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ න හේතු නාධිපති ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. එ බැවින් අනුලෝමයෙහි “හෙතුපච්චයා අධිපතියා තීණි” යනු වදාළ සේක.
මෝහමූලද්වයෙහි මෝහය ය අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු න හේතු න අධිපති ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය, එ බැවින් මේ පච්චනීයයෙහි “න හේතුපච්චයා න අධිපතියා ද්වෙ” යනු වදාළ සේක.
න හේතුමූලක පුරේජාත දුකයෙහි අරූපවිපාක සතර ය අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිම මාර්‍ග සකල ඵල නාමස්කන්‍ධයෝ ය, සහේතුකප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු න පුරේජාත ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න පමණක් වී න හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් න හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. “හේතුපච්චයා න පුරෙජාතෙ තීණි”
පඤ්චවෝකාරභූමියෙිහ උපදනා අවස්ථාවෙහි මෝහමූලද්වයෙහි මෝහයෙන් හා අරූප විපාකයන්ගෙන් අන්‍ය වූ සහේතුක ප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ න හේතු න පුරේජාත දෙක්හිම ප්‍රත්‍යයෝත්පන්නයෝ නොවෙති. එබැවින් අනුලෝමයෙහි “හෙතුපච්චයා පුරෙජාතෙ තීණි”
පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවහෙි මෝහමූලද්වයෙහි මෝහයෙන් හා අරූප විපාකයන්
අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයෙහි මෝහය හා මනෝද්වාරාවජ්ජනය ය. අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොහු, පච්චනීයයෙහි “න හේතුපච්චයා න පුරෙජාතෙ ද්වෙ”
න හේතුමූලක නාසේවන දුකයෙහි මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත අකුසල මහාකුශල මහා ක්‍රියා ප්‍රථමජවනයෝ ය සහේතුක විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු න හේතු ප්‍රත්‍යය බැහැර කෙරෙති, අනුලෝමපච්චනීයයෙහි “හෙතුපච්චයා න ආසෙවනෙ තීණි”
මෝහමූල ද්විතීයාදි ජවනයන්හි මෝහය ය, හසිතෝත්පාද ද්විතීයාදි ජවනයෝ ය යන මොවුහු න ආසේවනය බැහැර කෙරෙති. පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා ආසෙවනෙ ද්වෙ”
මෝහමූලද්වයෙහි මෝහවර්ජිත අකුශල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය මහද්ගතකුශල මහද්ගතක්‍රියා ලෝකෝත්තර කුශලයෝ ය යන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’
මෝහමූල ප්‍රථමජවනයේ මෝහය ය, හසිතෝත්පාද ප්‍රථම ජවනය ය. හසිතෝත්පාද වර්ජිත අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු, පච්චනීයයෙහි ‘න හෙතුපච්චයා න ආසෙවනෙ ද්වෙ’
න හේතුමූලක කම්ම දුකයෙහි කුශලා කුශල සහේතුකක්‍රියා චේතනාවෝ න හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. අනුලෝම පච්චනීයයෙහි “තීණි” මෝහමූලද්වයෙහි මෝහය හා ක්‍රියා චේතනා හැර අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ න කම්මය බැහැර කෙරෙති. පච්චනීයානුලෝමයෙහි “නහෙතුපච්චයා කම්මෙ ද්වෙ” අහේතුක ක්‍රියා චේතනාවෝ පච්චනීයයෙහි ‘එකං’
න හේතුමූලක න විපාක දුකයෙහි මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත කුශලා කුශල සහේතුක ක්‍රියා නාමස්කන්‍ධයෝ න හේතු ප්‍රත්‍යය බැහැර කෙරෙති. අනුලෝමපච්චනීයයෙහි “හෙතුපච්චයා න විපාකෙ තීණි” අහේතුකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ න විපාකය බැහැර කෙරෙති. “න හෙතුපච්චයා විපාකෙ එකං” සහේතුකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “එකං” මෝහමූලයෙහි මෝහය හා අහේතුක ක්‍රියා නාමස්කන්‍ධයෝ, පච්චනීයයෙහි ‘ද්වෙ’
න හේතුමූලක න ඣාන දුකයෙහි න හේතුප්‍රත්‍යය බැහැර කිරීමක් නැත. මෝහමූලයෙහි මෝහය හා ද්විපඤ්චවිඥානයන් හැර අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ න ඣානය බැහැර කෙරෙති. “න හේතුපච්චයා ඣානෙ ද්වෙ” මෝහමූලයේ මෝහය හැර සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි” ද්විපඤ්චවිඥාන නාමස්කන්‍ධයෝ, පච්චනීයයෙහි න හෙතු පච්චයා න ඣානෙ එකං”
න හේතුමූලක න මග්ගදුකයෙහි නහේතුප්‍රත්‍යය බැහැර කිරීමක් නැත. මෝහමූලද්වයෙහි මෝහය න මග්ගය බැහැර කෙරේ. “න හෙතු පච්චයා මග්ගෙ එකං” මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි” අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ පච්චනීයයෙහි ‘එකං’
න හේතුමූලක විප්පයුත්ත දුකයෙහි අරූපවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මෝහමූලයෙහි මෝහ වර්ජිත ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිම මාර්‍ග සකල ඵල නාමස්කන්‍ධයෝ ය යන මොවුහු න හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. “හෙතුපච්චයා න විප්පයුත්තෙ තීණි” පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයෙහි මෝහය හා අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ න විප්පයුත්තය බැහැර කෙරෙති. ‘න හෙතුපච්චයා විප්පයුත්තෙ ද්වෙ’ මෝහමූලද්වයෙහි මෝහය අරූපවිපාක වර්ජිත පඤ්චවෝකාර ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි “තීණි” අරූපභූමියෙහි උපදනා අවස්තාවෙහි වූ මෝහමූලයෙහි මෝහය ය මනෝද්වාරාවජ්ජනය ය යන නාමස්කන්‍ධයෝ, පච්චනීයයෙහි ‘ද්වෙ’
න හේතුමූලකය නිමි.
කියන ලද ක්‍රමය අනුව ත්‍රිකචතුෂ්කාදිය විස්තර කරනු. මතුවාරයන්හි අභිධෙය පමණක් දක්වනු ලැබේ. න හෙතුපච්චයා න අධිපති පච්චයා න පුරෙජාතෙ ද්වෙ. අභිධෙය අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලයෙහි මෝහය ය. මනෝද්වාරාවජ්ජනය ය අහේතුක ප්‍රතිසන්‍ධීහු ය යන නාමස්කන්‍ධයෝ ය. න හෙතුපච්චයා න අධිපති පච්චයා න පච්ඡාජාතෙ ද්වෙ. අභිධෙය මෝහමූලයෙහි මෝහය හා අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය. න හෙතුපච්චයා න අධිපති පච්චයා න පුරෙජාත පච්චයා න පච්ඡාජාතෙ ද්වෙ, අභිධෙය අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලයෙහි මෝහය ය, මනෝද්වාරාවජ්ජනය ය, අහේතුක ප්‍රතිසන්‍ධීහු ය යන නාමස්කන්‍ධයෝ ය, න හෙතුපච්චයා න අධිපතිපච්චයා න පුරෙජාතපච්චයා න ආසෙවනෙ ද්වෙ. අභිධෙය අරූප භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මනෝද්වාරාවජ්ජනයේ චේතනාව ය. “න ඣානෙ” යි නො ලැබේ. න හෙතුපච්චයා න අධිපති පච්චයා න පුරෙජාතපච්චයා න මග්ගෙ එකං. අභිධෙය අරූප භූමියෙහි මනෝද්වාරාවජ්ජනය ය අහේතුකප්‍රතිසන්‍ධීහු ය යන නාමස්කන්‍ධයෝ ය. න හේතුපච්චයා න අධිපතිපච්චයා න පුරෙජාත පච්චයා න විප්පයුත්තෙ එකං. අභිධෙය අරූපභූමියෙහි මෝහමූලද්වයයෙහි මෝහය ය මනෝද්වාරාවජ්ජනය ය යන මොහු ය.
න හෙතුපච්චයා න අධිපතිපච්චයා න පුරෙජාතපච්චයා න පච්ඡාජාතපච්චයා න ආසෙවනෙ ද්වෙ. අභිධෙය අරූපභූමියෙහි උපදනා අවස්ථාවහෙි මෝහමූල ප්‍රථමජවනයේ මෝහය ය, මනෝද්වාරාවජ්ජනය ය, අහේතුක ප්‍රතිසන්‍ධීහු ය යන නාමස්කන්‍ධයෝ ය.
න හෙතුපච්චයා න අධිපතිපච්චයා න පුරෙජාතපච්චයා න පච්ඡාජාත පච්චයා න ආසෙවන පච්චයා න මග්ගෙ එකං. අභිධෙය අරූපභූමියෙහි මනෝද්වාරාවජ්ජනය හා අහේතුක ප්‍රතිසන්‍ධීහුය යන නාමස්කන්‍ධයෝ ය. න විප්පයුත්තෙ ද්වෙ. අරූප භූමියෙහි මෝහමූල ප්‍රථමජවනයේ මෝහය ය මනෝද්වාරාවජ්ජනය ය යන නාමස්කන්‍ධයෝ ය.
න හෙතුපච්චයා න අධිපතිපච්චයා න පුරෙජාතපච්චයා න පච්ඡාජාතපච්චයා න ආසෙවනපච්චයා න කම්මපච්චයා න විපාකෙ එකං. අභිධෙය අරූපභූමියෙහි මනෝද්වාරාවජ්ජනයේ චේතනාව ය. න හෙතුපච්චයා -පෙ- න කම්මපච්චයා න මග්ගෙ එකං අභිධෙය අරූපභූමියෙහි මනෝද්වාරාවජ්ජනයේ චේතනාව ය. න විප්පයුත්තය යෙදෙන කල්හි ද එසේ ම ය.
න හෙතුපච්චයා -පෙ- න කම්මපච්චයා න විපාකපච්චයා න විප්පයුත්තෙ එකං. අභිධෙය අරූපභූමියෙහි මනෝද්වාරාවජ්ජනයේ චේතනාව ය න හේතුමූලක දුකාදිය නිමි.
න අධිපතිපච්චයා න හෙතුයා ද්වෙ. අභිධෙය පෙර මෙනි. න පුරෙජාතෙ තීණි. අභිධෙය අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි අධිපතීහු ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල මෝහමූල මහාකුසල මහා ක්‍රියාවෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොහු ය. න අධිපතිපච්චයා න ආසෙවනෙ තීණි, අභිධෙය අධිපති ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහා ක්‍රියා ප්‍රථමජවනයෝ ය, ඵල ජවනයෝ ය යන මොවුන් ගේ අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි අකුශල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය, ආවජ්ජන දෙක ය ලෞකික විපාකයෝ ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය. න අධිපතිපච්චයා න කම්මෙ තීණි, අභිධෙය නිරාධිපති කුශලාකුශල ක්‍රියා චේතනාවෝ ය. න අධිපතිපච්චයා න විපාකෙ තීණි, අභිධෙය කුශලාකුශල ක්‍රියාවන්හි අධිපතිධර්‍මයෝ ය, අධිපති නොලැබෙන අකුශල අහේතුක ක්‍රියා මහාකුශල මහා ක්‍රියාවෝ ය යන නාමස්කන්‍ධයෝ ය. න අධිපතිපච්චයා න ඣානෙ එකං, අභිධෙය ද්විපඤ්ච විඥාන නාමස්කන්‍ධයෝ ය. න අධිපතිපච්චයා න මග්ගෙ එකං, අභිධෙය අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය. න අධිපතිපච්චයා න විප්පයුත්තෙ තීණි, අභිධෙය අරූප විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අරූපභූමියෙහි අධිපති ධර්‍මයෝ ය, අරූපභූමියෙහි අධිපති නො ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහා ක්‍රියා නාමස්කන්‍ධයෝ ය යන මොහුය. ත්‍රිකචතුෂ්කාදිය ද මේ ක්‍රමයෙන් ම විස්තර කළ යුතු ය. න පුරේජාත න පච්ඡාජාත න ආසේවන න කම්ම න විපාක න ඣාන න මග්ග න විප්පයුත්ත මූලක වාරයෝ ද මේ පච්චනීයයෙහි යෙදෙන ප්‍රත්‍යය දශය හා යොදා විස්තර කරනු.
පච්චය පච්චනීය වාරය නිමි.