නිස්සයවාරයට අනතුරුව සංසට්ඨවාරය වදාළ සේක. එහි ද පච්චයානුලෝම ය, පච්චය පච්චනීය ය, පච්චයානුලෝම පච්චනීය ය පච්චය පච්චනීයානුලෝමය යි වාර සතරක් ඇත්තේ ය. (පෙර පරිදි ව්‍යවස්ථා කරනු.) -පෙ- හේතුප්‍රත්‍යය විභඞ්ගවාරය වදාළ සේක. එහිද කුසලපද වාරයය, අකුශලපදවාර ය ය අබ්‍යාකතපද වාරයයයි වාර තුනක් ඇත්තේ ය. එයින් කුසලපද වාරය පළමු කොට වදාළ සේක. ඒ මෙසේ ය. “කුසලං ධම්මං සංසට්ඨො කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා, කුසලං එකං ඛන්‍ධං සංසට්ඨා තයො ඛන්‍ධා, තයො ඛන්‍ධෙ සංසට්ඨො එකො ඛන්‍ධො, ද්වෙ ඛන්‍ධෙ සංසට්ඨො ද්වෙ ඛන්‍ධා” පදාර්‍ථ: කුසලං ධම්මං සංසට්ඨො, කුශල ධර්‍මය ඒකෝත්පාදාදි ලක්‍ෂණ සම්ප්‍රයෝග භාවයෙන් ප්‍රත්‍යය වී: කුසලො ධම්මො, කුශල ධර්‍මය. හෙතු පච්චයා, හෙතුප්‍රත්‍යයෙන් උපදී. කුසලං එකං ඛන්‍ධං සංසට්ඨො, කුසල් වූ එක් ස්කන්‍ධයක් ඒකෝත්පාදාදි ලක්‍ෂණ සම්ප්‍රයෝගභාවයෙන් ප්‍රත්‍යය වී: -පෙ-
“කුසලං ධම්මං -පෙ- හෙතුපච්චයා” යන වීථිපාලියෙහි “කුසලො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් කුසල් සිත් එක්විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් මිශ්‍ර ව උපදනා වූ, කුසල්සිත් එක්විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. “හෙතුපච්චයා” යන හේතුපාඨයෙන් සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන එක්විසි කුශලචිත්තයන් ගෙන් ද්විහේතුකචිත්තයන්හි අලෝභ අදෝස දෙක්හි ද ත්‍රිහේතුකචිත්තයන්හි ඇති අලෝභ අදෝස අමෝහ තුනෙහි ද ඇති හේතුශක්තිය ලැබේ. ස්කන්‍ධවාර තුදුසෙකි. අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයේ අභිධෙය පටිච්චවාරය මෙනි.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් ප්‍රවෘත්ති කාලයෙහි සහේතුකවිපාක එක්විස්ස ය සහේතුක ක්‍රියා සතොළොස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් මිශ්‍ර ව උපදනා සහේතුක විපාක එක්විස්ස ය සහේතුකක්‍රියා සතොළොස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් සහේතුක ප්‍රතිසන්‍ධි සතොළොස ය චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයන් මිශ්‍ර ව උපදනා සහේතුක ප්‍රතිසන්‍ධි සතොළොස ය චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්.
ආරම්මණ විභඞ්ගයෙහි කුසලෙන කුසලයෙහි හා අකුසලෙන අකුසලයෙහි අභිධෙය උක්තානුසාරයෙන් ගන්නේ ය. අබ්‍යාකත පද වාරයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් විපාකසිත් සතිස හා ක්‍රියාසිත් විස්ස ගන්නේ ය. ප්‍රතිසන්‍ධිකාලයෙහි ප්‍රතිසන්‍ධිසිත් එකුන් විස්ස ය චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයන් මිශ්‍ර ව උපදනා ප්‍රතිසන්‍ධි සිත් එකුන්විස්ස ය චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්.
අනන්තර සමනන්තර සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය උපනිස්සය ආහාර ඉන්‍ද්‍රිය සම්පයුත්ත අත්‍ථි නත්‍ථි විගත අවිගත යන ප්‍රත්‍යයෝ ආරම්මණප්‍රත්‍යය හා සමාන වෙති. අධිපතියෙහි අධිපති ධර්‍ම වර්ජිත සාධිපති ජවනයෝ ලැබෙත්. පුරේජාතයෙහි පඤ්චවෝකාරභූමියෙහි ප්‍රවෘත්තිකාලයෙහි අරූපවිපාක හැර අභිධෙය ගන්නේ ය. ආසේවනයෙහි ප්‍රථම ජවන ඵලජවනයන්ගෙන් අන්‍ය ජවනයන් ගන්නේ ය. කර්‍මප්‍රත්‍යයෙහි කුශලාකුශල ක්‍රියා චේතනා වර්ජිත නාමස්කන්‍ධයන් ගන්නේ ය. විපාකයෙහි විපාකසිත් සතිස ගන්නේ ය. ධ්‍යානප්‍රත්‍යයෙහි ද්විපඤ්චවිඥානයන් ගෙන් අන්‍ය නාමස්කන්‍ධයන් ගන්නේ ය. මාර්‍ගප්‍රත්‍යයෙහි සහේතුක සිත් එක් සැත්තෑව ගන්නේ ය. විප්‍රයුක්තයෙහි අරූපවිපාක හැර පඤ්චවෝකාර නාමස්කන්‍ධයන් ගන්නේ ය.
විභඞ්ගවාරය නිමි.