සංසට්ඨ පච්චනීයානුලෝම වාර සන්නය

star_outline

පච්චයානුලෝම පච්චනීය වාරයට අනතුරු ව පච්චය පච්චනීයානුලෝම වාරය වදාළ සේක. වාරව්‍යවස්ථාව පටිච්චවාරයෙහි මෙනි.

න හේතුමූලක ආරම්මණ දුකයෙහි මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ආරම්මණ ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න පමණක් වී න හේතු ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නොවීමෙන් න හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් අනුලෝමයෙහි “හෙතුපච්චයා ආරම්මණෙ තීණි”යි වදාළ සේක.

න හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න පමණක් වී ආරම්මණ ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍මයක් නැත්තේ ය. එබැවින් පච්චනීයයෙහි “නහෙතුපච්චයා න ආරම්මණෙ” යනාදිය නොවදාළ සේක.

න හේතු ආරම්මණ ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍ම ද නැත්තේ ය. එබැවින් අනුලෝමපච්චනීයයෙහි “හෙතුපච්චයා න ආරම්මණෙ” යනාදිය නො වදාළ සේක.

මෝහමූලද්වයෙහි මෝහය ය අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු න හෙතු ආරම්මණ දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. එබැවින් මේ පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා ආරම්මණෙ ද්වෙ” යනු වදාළ සේක.

අනන්තරාදි ප්‍රත්‍යයන් හා යෙදෙන වාරයෝ කියන ලද ක්‍රමය අනුව විස්තර කළ යුත්තාහු ය. මේ වාරයෙහි පච්චනීය වශයෙන් යෙදෙන්නෝ හේතු අධිපති ආදි නාමධර්‍ම සියල්ල ම ප්‍රත්‍යයෝත්පන්න භාවයෙන් නො ගන්නා ප්‍රත්‍යය දශය ය. පශ්චාජ්ජාතයෙන් අන්‍ය ප්‍රත්‍යය තෙවිස්ස අනුලෝම වශයෙන් යෙදේ.

නහෙතුපච්චයා න අධිපතිපච්චයා ආරම්මණෙ ද්වෙ, අභිධෙය දුක වාරයෙහි මෙනි. න හෙතුප්චචයා න අධිපතිපච්චයා න පුරෙජාතපච්චයා ආරම්මණෙ ද්වෙ, අභිධෙය අරූපභූමියෙහි මෝහ මූලද්වයෙහි මෝහය ය මනෝද්වාරාවජ්ජනය ය අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොහු ය. න හෙතුපච්චයා න අධිපතිපච්චයා න පුරෙජාතපච්චයා න පච්ඡාජාත පච්චයා න ආසෙවන පච්චයා ආරම්මණෙ තීණි, අභිධෙය අරූපභූමියෙහි මෝහමූල ප්‍රථමජවනයේ මෝහය ය මනෝද්වාරාවජ්ජනයය අහේතුක ප්‍රතිසන්‍ධීහු ය යන නාමස්කන්‍ධයෝ ය. න හෙතුපච්චයා න අධිපතිපච්චයා න පුරෙජාතපච්චයා න පච්ඡාජාතපච්චයා න ආසෙවන පච්චයා කම්මපච්චයා ආරම්මණෙ එකං. අභිධෙය අරූප භූමියේ මනෝද්වාරාවජ්ජනයේ චේතනාව ය. න හේතුමූලක දුකාදිය නිමි.

න අධිපතිපච්චයා හෙතුයා තීණි. අභිධෙය උදුරනු. ආරම්මණෙ තීණි, අභිධෙය අධිපති ලැබෙන තන්හි අධිපතිධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි අකුශල අහේතුක ක්‍රියා මහාකුශල මහාක්‍රියා ලෞකිකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය. රූප හැර නාමධර්‍ම පමණක් ගනිමින් පටිච්චවාරය අනුව සියල්ල විස්තර කරනු.

න පුරෙජාත න පච්ඡාජාත න ආසෙවන න කම්ම න විපාක න ඣාන න මග්ග න විප්පයුත්ත මූලකාදිය ද රූපයන් නො ගෙන පටිච්චවාරය අනුව විස්තර කරනු.

සංසට්ඨවාරය නිමි.