පච්චය පච්චනීය වාරයට අනතුරු ව පච්චයානුලෝම පච්චනීය වාරය වදාළ සේක. (වාර ව්‍යවස්ථාව පටිච්චවාරයෙහි මෙන් කරනු.) හේතුමූලක න අධිපති දුකයෙහි මෝහමූලද්වයෙහි මෝහය ය, අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු නාධිපති ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න වී හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නො වන බැවින් හේතුප්‍රත්‍යය බැහැරකෙරෙති. පච්චනීයයෙහි “න හෙතුපච්චයා න අධිපතියා ද්වෙ” අධිපතිධර්‍මවර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී නාධිපති ප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් නාධිපතිය බැහැර කෙරෙති. අනුලෝමයෙහි තීණි. න හෙතු අධිපති ප්‍රත්‍ය දෙක්හි ප්‍රත්‍යයෝත්පන්න වන ධර්‍ම නැති බැවින් පච්චනීයානුලෝමයෙහි න හෙතුපච්චයා අධිපතියා යනාදිය නො වදාළ සේක. අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිහු ය. අධිපති නො ලැබෙන අවස්ථාවෙහි මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත අකුශල මහාකුශල මහාක්‍රියා සහේතුක ලෞකික විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු, ‘හේතුපච්චයා නාධිපතියා තීණි’ යි වදාළ සේක.
මේ ක්‍රමය අනුව නාමධර්‍ම පමණක් ගෙන සියල්ල විස්තර කරනු. මේ අනුලෝම පච්චනීයයෙහි පශ්චාජ්ජාතප්‍රත්‍යයෙන් අන්‍ය වූ ප්‍රත්‍යය තෙවිස්ස අනුලෝම වශයෙන් යෙදේ. හේතු අධිපති පුරේජාත පශ්චාජ්ජාත ආසේවන කර්‍ම විපාක ධ්‍යාන මාර්‍ග විප්‍රයුක්ත යන ප්‍රත්‍යයෝ දස දෙන පච්චනීය වශයෙන් යෙදෙති.
හේතුපච්චයා ආරම්මණපච්චයා අධිපතිපච්චයා අනන්තර පච්චයා සමනන්තරපච්චයා සහජාතපච්චයා අඤ්ඤමඤ්ඤපච්චයා නිස්සයපච්චයා උපනිස්සයපච්චයා න පුරෙජාතෙ තීණි, අභිධෙය අරූපභූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍ම හැර ලෝභමූල මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිම මාර්‍ග සකල ඵල නාමස්කන්‍ධයෝ ය.
හෙතුපච්චයා -පෙ- පුරෙජාතපච්චයා න ආසෙවනෙ තීණි, අභිධෙය, පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය, ඵලසිත් සතර ය යන නාමස්කන්‍ධයෝ ය. මෙසේ විස්තර කරනු.
අනුලෝම පච්චනීයවාරය නිමි.