නිපාත පද PARTICLES
29. නිපාතයෝ ලිඞ්ග වශයෙන් හෝ විභක්ති වශයෙන් හෝ ඒක වචන, බහුවචන වශයෙන් හෝ වෙනසකට නො පැමිණ එක් ආකාරයකින්ම සිටිති. (කොයි ලිඟුවක ශබ්දයක් හා යෙදුනත් කොයි විභක්ති පදයක් හා යෙදුනත් නිපාතයන්ගේ රූපය වෙනස් නොවේ.)
එහෙත් ඇතැම් නිපාතයෝ විභක්තීන්ගේ අර්ථවල පමණක් වෙති: හෙ (=එම්බා) නිපාතය ආලපනයෙහි පමණක් යෙදේ. හෙට්ඨා (=යට), උපරි (=මත්තෙහි), අධො (=යට) බහි (=පිටත) යනාදි නිපාතයෝ ද 26 වෙනි අංකයෙහි දැක්වූ කාලාර්ථවාචී නිපාතයෝ ද සත්තමී විභක්තියෙහි වෙති. සයං (=තෙමේ) නිපාතය පඨමා, තතියාවන්හි වේ.
| පාලි වචනය | සිංහල තේරුම | පාලි වචනය | සිංහල තේරුම | |
| තථා | එසේ | තත්ථ | එහි | |
| යථා | යම්සේ | උපරි | මත්තෙහි | |
| යාව | යම්තාක් | හෙට්ඨා | යට | |
| තාව | ඒතාක් | කත්ථ | කොහේ, කොහි | |
| සචෙ | ඉදින් | යත්ථ | යම්තැනක | |
| යදි | ඉදින් | යහිං | යම්තැනක | |
| ආම | එසේය | තහිං | එහි | |
| එවං | මෙසේ | තිරියං | සරස | |
| අථ | ඉක්බිති | සමන්තා | හාත්පස | |
| අථවා | නොහොත් | අන්තො | ඇතුළෙහි | |
| පන | වනාහි | බහි | පිටත | |
| අද්ධා | ඒකාන්තයෙන් | ඉතො | මෙයින්, මෙතැනින් | |
| පුන | නැවත | කුතො | කොයින් | |
| අන්තරා | අතරෙහි | තතො | එතැනින් | |
| සනිකං | හෙමින් | ඛිප්පං | වහා | |
| ඉධ | මෙහි |