විධි ක්‍රියාව IMPERATIVE MOOD

28. කාල තුනට අයත් ක්‍රියා යට දක්වන ලදී. අන්‍යයකුට (වැඩක් කිරීමට) අණ කරන කල්හි යොදන ක්‍රියාව විධි ක්‍රියා නම් වේ. විධානය නම් “යව, පිසව” යනාදියයි. විශේෂයෙන් කියතහොත් එය යෙදිය හැක්කේ මධ්‍යම පුරුෂයෙහි පමණයි. යේවා, යෙම්වා, වෙම්වා, ජීවත්වේවා ආදිය යම් කිසිවක් ප්‍රාර්ථනා කරන බැවින් හෝ කැමතිවන බැවින් ආසිකිරිය නම්වේ. පාලියෙහි මේ අර්‍ථ දෙකෙහිම වැටෙන ක්‍රියාව එක සමාන වේ. එය කාල විශේෂයක් නැතිව හෝ වර්‍තමානයට සමීප කාලයෙහි හෝ වේයයි දක්වා තිබේ.