පෙර එක් ජීවිතයක අප මහා බෝසතාණන් වහන්සේ රජකුව ඉපිද සිටිය දී මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ඒ රජුගේ ඇත්හලේ ඇතුන් හික්මවන ඇත්ගොව්වා විය. දිනක් රජු ඇතෙකු පිට යද්දී ඒ ඇතාට ඇතින්නියන් ගේ ගඳ දැනී මඳ කිපී කැලෑවට දුවන්නට විය. රජු ඇතුගේ ගමන වළකාගත නො හැකිව ගසක එල්ලී ජීවිතය බේරා ගත්තේ ය. පසුව නගරයට විත් ඇත්ගොව්වා ගෙන්වා නො හික්මුණු ඇතෙකු සරසා දීම පිළිබඳ දොස් නැගී ය. ඇත්ගොව්වා කරුණු කීව ද රජු නො පිළිගත්තේ ය.
ඇතු කිහිප දිනක් ඇතින්නන් සමඟ සිට රාග හැඟීම් සපුරාගෙන නැවත ඇත් හලට ආවේ ය. පසුව ඇත්ගොව්වා රජුට මේ ඇතා ගේ හික්මවීම පෙන්වන ලදි. ඇත්ගොව්වා කියන හැම දෙයක්ම ඇතා කරන්නේ ය. අවසානයේදී රත් වූ ගිනියම් වූ යකඩයක් ඇතා වෙත එළවා, මෙය අල්ලව යැයි ඇතාට කීවේ ය. ඇතා කඳුළු පිරි දෙනෙතින් ඇත්ගොව්වා ගේ මුහුණ දෙස බලා සෙනෙහසින් පිරි කීකරු සිතින් ඒ ගිනියම් වූ යකඩය ද අල්ලන ලදි. එහිදී සොඬය චිටි චිටි ගා දැවී ගියේ ය. පසුව වහා එය මුදාහරින්න යැ යි කී විට මුදාහරින්න ලදි.
මේ කීකරු ඇතා ද අකීකරු ඇතෙකු මෙන් රාගයෙන් මත්ව ගිය බව සැමට ප්‍රකට විය. එදා ඒ කීකරු ඇතුනම් කාශ්‍යප මහ රහතන් වහන්සේ විය. අනාගතයේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ බුදුවී වේහාර පර්වත පාමුලට වැඩි විට, මේ කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ දේහය (බුද්ධ කාලයේ සිට උන් වහන්සේ ගේ අධිෂ්ඨාන බලයෙන් පර්වත අතර සැඟවී තිබූ), ශ්‍රි හස්තයට ගෙන පෙන්වන සේක. පසුව දේහය බුදු හිමිගේ ශ්‍රී හස්තයේ ආදාහනය වන්නේ ය. මෛත්‍රී බුදු රජුන් ගේ ශ්‍රී හස්තය එයින් දැවී අල්ල පුරා ගෙඩියක් හට ගන්නේ ය. එහිදී පෙර තමා ඇත්ගොව්වෙකුව ඉපිද සිටිය දී කල කර්මය මෙකල පල දුන් බව වදාරන සේක. එබැවින් පාප කර්මයට බිය වෙත්වා.