මෙතුමිය සැවැත් නුවර කොසොල් රජු ගේ අග්‍ර මහේෂිකාව වේ. ඇය බොහෝ සැදැහැ ඇති අතර නිතර නිතර බණ ඇසීම්, දන්දීම්, සිල් රැකීම්, ධර්මය කට පාඩම් කිරීම් ආදී පින්කම් කළා ය. බුදු සසුනේ එක්වරක් පමණක් දීමට හැකි අසදෘෂ මහා දානය ද දාහතර කෝටියක් වියදම් කොට දෙන ලදි. නමුදු මිය යන විට ඇය පෙර බල්ලෙකු හා සංවාසයෙ හි යෙදීමෙන් කළ පව සිහි වී අපාගත විය. අපායේ ඉපදුන ද කළ කුසල් බොහෝ හෙයින් දින හතක් දුක් විඳ ඉන් චුත වී තුසිත දෙව්ලොව ඉපදී සිටින බව වදාළ සේක.