ලෝභී පුද්ගලයෙක් මියගොස් ප්‍රේත ලෝකයෙ හි උපන්නේ ය. මොහුගේ පිනකට උක් වනයක් ද පහළ විය. මේ ප්‍රේතයා සා පිපාසාවෙන් මිරිකී උක් දඬුවක් කපා අනුභව කරමි යැ යි උක් වනයට යයි. උක් වනයට ගිය විට එහි ඇති උක් දඬු තෙමේ ම නැමී ඇඹරී අවුත් මේ ප්‍රේතයාට පහර දෙන්නේ ය. ඔහු විළාප කියමින් දුවන්නේ ය. දිනක් එතැනින් වැඩි හිමි නමකට මොහු ගේ බැගෑපත් හඬ දිවකණට ඇසී කරුණු විමසා තතු දැන මොහුට උක් දඬු කෑමට කපා ගත හැකි ක්‍රමයක් කීවේ ය. උක් දඬුවලට මුහුණ නොදී පිටුපාගෙන උක් දඬු ගන්න යැ යි කීවේ ය. එහිදී එසේ ගෙන සා පිපාසාදී දුක නිවා ගත්තේ ය. මෙසේ වීමට හේතුව පෙර ආත්මයක උක් දඬු මිටයක් කර තියාගෙන උක් දණ්ඩක් සපමින් මාර්ගයේ යන විට අසරණ මිනිසෙක් මෙය දැක උක් ගසක් ඉල්ලමින් පසුපස ආවේ ය. එවිට කෝපයෙන් උක් දණ්ඩක් ඇද නො බලා ම ඔහු දෙසට විසි කළේ ය. මෙසේ නමුදු දීම නිසා උක් වත්තක් ලැබුණේ ය. නමුත් මුහුණලා ගොස් උක් දඬු ගැනීමට පින නැතැයි මේ කර්මය වදාළ සේක.
(ප්‍රේත වත්ථු පාළි - උච්ජු ප්‍රේත වත්ථුව)