සෝරෙය්‍යක සිටු පුත්‍රයා දෙදරු පියෙකි. දිනක් යාළුවන් සමඟ නාන්න යන විට මහා කච්චායන මහ රහතන් වහන්සේ ගේ රන්වන් පාට දේහ සම්පත්තිය දැක රාග සිත් පහළ කොට මුන් වහන්සේ මාගේ බිරිඳ හෝ වන්නේ නම් මැනවි, නැත්නම් මාගේ බිරිඳ ගේ සිරුර, මුන් වහන්සේ ගේ සිරුරේ පැහැය වන්නේ නම් මැනවි යැ යි සිතීය. ඒ අඥාණ දූෂිත සිත සමඟ ම ඔහුගේ පුරුෂ නිමිති අතුරුදහන් වී ස්ත්‍රී නිමිති පහළ විය. පසුව ලැජ්ජාවෙන් තක්ෂිලා නුවරට පැන ගොස් එහි සිටු කෙනෙකු ගේ බිරිඳ වී දරු දෙන්නෙක් ද ලොවට බිහි කළා ය. පසු කාලයක මහා කච්චායන මහ රහතන් වහන්සේගෙන් සමාව ගත් පසු නැවත පුරුෂයෙක් විය. පසුව පැවිදිව රහත් විය. රහතුන් කෙරෙහි සිතන වැරදි සිතිවිල්ල ද දුකට පත් කරන බව මින් දත යුතු ය.
(ධම්මපද අට්ඨ කථා 201 පිට)