සකිං සම්මජ්ජක රහතන් වහන්සේගේ අපදානය

බෝධිය සමීපය එක් වරක් ඇමදීමෙන් ම බොහෝ සම්පත් ලද සකිං සම්මජ්ජක රහතන් වහන්සේ.

1. විපස්සිනෝ භගවතෝ පාටළිං බෝධි මුත්තමං,

දිස්වා තං පාදපග්ගං තත්ථ චිත්තං පසාදයිං.

.

2. සම්මුඤ්ජනිං ගහෙත්වාන බෝධිං සම්මජ්ජි තාවදෙ,

සම්මජ්ජිත්වාන තං බෝධිං අවන්දිං පාටළිං අහං.

.

3. තත්ථ චිත්තං පසාදෙත්වා සිරේ කත්වාන අඤ්ජලිං,

නමස්සමනෝ තං බෝධිං ගච්ඡිං පටිකුටී අහං.

.

4. වාරිමග්ගේන ගච්ඡාමි සරන්තෝ බෝධි මුත්තමං,

අජගරෝ මං පීළේසි ඝෝරරූපෝ මහාබලෝ.

.

5. ආසන්නේ මේ කතං කම්මං ඵලේන තෝසයිං මම,

සෝකසල්ලං න ජානාමි චිත්ත සන්තාපනං මම.

.

6. කුට්ඨං ගණ්ඩෝ කිලාසෝ ච අපමාරෝ විතච්ඡිකා,

දද්දු කණ්ඩු ච මේ නතථි ඵලං සම්මජ්ජනේ ඉදං.

.

7. සෝකෝ ච පරිදේවෝ ච හදයේ මේ න විජ්ජති,

අභින්නං උජුකං චිත්තං ඵලං සම්මජ්ජනේ ඉදං.

.

8. සමාධීසු න සජ්ජාමි විසදං හොති මානසං,

යං යං සමාධිමිච්ඡාමි සෝ සෝ සම්මජ්ජතේ මම.

.

9. රජනීයේ න රජ්ජාමි අථෝ දෝසනියේසු ච,

මෝහනීයේ න මුය්හාමි ඵලං සම්මජ්ජනේ ඉදං.

.

10. ඒකනවුතේ ඉතෝ කප්පේ යං කම්මමකරිං තදා,

දුග්ගතිං නාභිජානාමි ඵලං සම්මජ්ජනේ ඉදං.

.

11. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බේ සමූහතා,

නාගෝව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවෝ.

.

12. ස්වාගතං වත මේ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකේ,

තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.

.

13. පටිසම්භිදා චතස්සෝ විමොක්ඛා චාපි අට්ඨිමෙ,

ජලභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.

තේරුම :-

  1. විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ උත්තම පාටළී බෝධිය දැක එය කෙරෙහි සිත පැහැද වීමි.
  2. එකල්හි ඉදලක් ගෙන බෝධි සමීපය ඇමදීමි. බෝධි මූලය ඇමද මම ඒ පළොල් රුකට වැන්දෙමි.
  3. ඒ බෝධිය කෙරෙහි සිත පහදවා ඇඟිලි බැඳ දෝත හිස මුදුනේ තබා පස්සට ගියෙමි.
  4. උතුම් වූ බෝධිය සිහි කරමින් දිය ඇති මඟකින් ගියෙමි. මහ බලැති නපුරු පිඹුරෙක් යන්නා වූ මා අල්ලා ගත්තේ ය.
  5. මරණාසන්නයේ දී මා විසින් කරන ලද ඒ කර්ම පල දීමෙන් මා සතුටු කෙළේ ය. මාගේ සිරුර පිඹුරා ගිලී. මම දෙව් ලොවෙහි සතුටු වෙමි.
  6. එකල්හි මාගේ සිත නො කැළඹී පැවැත්තේ ය. පිරිසිදු ව පැවතියේ ය. පැහැපත් ව පැවතියේ ය. සිත තවන්නා වූ ශෝකයක් නො දැනිණ.
  7. කුෂ්ඨය, ගඩුය, කබරය, අපස්මාරය, විතච්ඡිකා නම් කුෂ්ඨ රෝගය, දද, කැසිලි යන මේ රෝග මා හට නැත්තේ ය. එය ඇමදීමේ විපාකය ය.
  8. මාගේ ළයෙහි ශෝකයක් ඇති නොවේ. හැඬීමක් නොවේ. මාගේ සිතට බියක් නැත. සිත සෘජු ය. එය ඇමදීමේ ඵලය ය.
  9. මම සමාධීන්හි නො ඇලෙමි. මගේ සිත පිරිසිදු ය. මම යම් යම් සමාධියක් කැමති වෙම් ද ඒ ඒ සමාධිය මට ලැබෙන්නේ ය.
  10. ඇලුම් කළ යුත්තෙහි නො ඇලෙමි. කිපිය යුත්තෙහි නො කිපෙමි. මුළා වන තන්හි මුළා නො වෙමි. මේ ඇමදීමේ ඵලය ය.
  11. මෙයින් එක් අනූවන කපෙහි යම් කර්මයක් කෙළෙම් ද එතැන් පටන් දුර්ගති භවයකට නො ගියෙමි. ඒ ඇමදීමේ ඵලය ය.
  12. මා විසින් සියලු කෙලෙස් දවන ලදි. සියලු භවයෝ නැති කරන ලද හ. බන්ධන සිඳ වෙසෙන ඇතකු මෙන් ආශ්‍ර‍ව රහිත ව වාසය කරමි.
  13. මාගේ බුදු රදුන් වෙත යෑම යහපත් ගමනක් විය. ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි. බුදුන් වහන්සේගේ අනුශාසනය කරන ලද්දේ ය.
  14. ප්‍ර‍තිසම්භිදා සතර ද, විමෝක්‍ෂ අට ද, අභිඥා සය ද ලැබුයෙමි. බුදුන් වහන්සේගේ අනුශාසනය කරන ලදී.