නන්දෝපනන්දදමනය

නන්දෝපනන්ද නම් නාගරාජයා දැමු පරිදි කිසෙ යැ යත්:

බුදුන් දෙව්රම්හි[1] වැඩැවසන[2] කල්හි, අනෙවඩු මහාසිටාණො බුදුන් කෙරෙ බණ අසා, “වහන්සෙ, සෙට පන්සියක් සඟුන් ගෙනැ මාගෙ ගෙට වඩුත් මැනැවැ”යි නිමන්ත්‍රණ කොටැ ගියහ. බුදුහු අධිවාසනා කොටැ, එ දවසැ සිටි වෙලාව දු රැයි දු[3] ගිය කල්හි, අනුයම්හි දස දහසක් සක්වළ බැලුහු. එකල්හි නන්දොපනන්ද නම් නාගරාජ බුදුන් ගෙ නුවණැස්හි පැනිණ. බුදුහු, “මෙ නාගරාජ අප ගෙ නුවණැසැ[4] පැනෙයි. මුහුට උපනිඃශ්‍රය ඇති හො!”යි ආවර්ජනා කරන්නාහු, “මෙ මිසදිට්හ[5] යෙන් තොර කරන්නට නිස්සෙක් කවරැ හො!” යි[6] අවජනාහු, මහමුගලන් මහතෙරුන් දුට්හැ.[7] එක්බිති පහන් වූ කල්හි සිරිරුකිස කොටැ අනඳ මහතෙරුන් කැඳවූහු. “අනඳ, පන්සියයක් මහණනට කියා ‘බුදුහු දෙවචාරිකාවට යෙතී’ කියා” යැ.[8]

එ දවස් නන්දෝපනන්දයා ගෙ අවන් බිම්[9] සැදුහැ. හෙ දිව රුවන්මුවා පලග මත්තෙ දිව සෙ-සත් යටැ තුන් වැදෑරුම් නළු පිරිස් හා නාපිරිස් පිරිවරා දිව බොජනෙන්[10] එළවු අන්නපානවිධි බලමින් හුන්නෙ යි. එකල්හි බුදුහු, යම්සෙ නාගරාජ දකී ද, එසෙ මැ පැනෙනුවො උහු ගෙ විමන් මුඳුනෙන්[11] මැ පන්සියක් සඟුන් හා සමඟ තව්තිසා දෙව්ලො බලා වඩති.[12] එකල්හි නන්දෝපනන්ද නම් නාග රාජයා හට මෙබඳු පවිට් දට්හයෙක්[13] උපනි: “මෙ මුඬු මහණ සියො[14] අපගෙ විමන් මුඳුනෙහි[15] ගෙනැ තව්තිසැ[16] වැසි දෙවියන් ගෙ භවනයට වදිත් මැයැ. නික්මෙත් මැ යැ. දැන් මෙතන පටන්-ගෙනැ ඔවුන් අප මුදුනෙහි ගෙනැ පියපස් ඕමින්[17] නොයා දුන මැනැවැ”යි හුනස්නෙන් නැඟී මෙරගල් පාතට ගොස්, එ වෙස් හැරැ සිය වෙස් ගෙනැ මෙරගල් සත් දරණපටෙකින් වසා, මෙර මුදුනෙහි මහත් පැණයක් කොටැ, තව්තිසා දෙව්නුවර කිබිසිනි කළ පැණයෙන් සොයා අදසුන් බවට පැමිණිවි.

එකල්හි රටපල් මහතෙරහු, “වහන්සෙ, මම් පෙරැ මෙ පියෙස්මි සිටියෙයිම්[18] මෙරගල් දක්මි.[19] සත් කුලප වූ දක්මි.3 තව්තිසා දෙව්නුවර දක්මි.3 විජයත් මහ පහා දක්මි3. පහා මුදුනෙහි ලළන දද දහස් දක්මි.[20] වහන්සෙ, කවර හෙතුවින් හො දැන් මෙරගල් නො දක්මි? විජයත් මහ පහා නොදක්මි? පහා මුදුනෙහි දද නොද දක්මි?” යි බුදුනට කීහැ. එ සඳ බුදුහු, “රටපාල, මෙ නන්දෝපනන්ද නම් නාගරාජ තොපට දැහැවී යැ. මෙරගල් සත් දරණින් පිරිඛෙව් කොටැ මුදුනෙහි පැණයෙන් පිළිසොයා අඳුරු කොටැ සිටියෙ යැ”යි වදාළහැ. රටපල් මහතෙරහු, “මම් ඔහු දමමි; වහන්සෙ,”යි කී හැ. බුදුහු නො අනුදත්හ. එසෙයින් මැ භද්දිය මහතෙරහු රාල් මහතෙරහු දැ යි අනුක්‍රමයෙන් හැම සඟහු අවුද් බුදුනට සැළ කළහ. බුදුහු නො අනුදත්හ. අවසන්හි මහමුගලන් මහතෙරහු අවුදු, “වහන්සෙ, මම් නාරජහු දමමි” කීහ. “දමා; මුගලනැ”යි බුදුහු අනුදත්හැ.

මහතෙරහු මහණ වෙස් හැරැ, මහත් නා රජ වෙසක් මවා-ගෙනැ, නන්දෝපනන්ද නම් නාගරාජයා ගෙ සත් දරණ පට පිටැ තුදුසු දරණ පටක් එවැ, මොහු ගෙ පැණය මුදුනෙහි තමන්ගෙ පැණය තබා, මෙරගල් හා සමඟ පෙළා-ලූහ.4 නා රජ දුමයි. මාතෙරහුද්, “තාගෙ සරීරයෙහි මතු දුම් ඇත්තෙ නොවෙයි. මයිදු ගෙ සරීරයෙහි දු දුම් ඇතැ”යි දුමති. නා රජහු ගෙ දුමින් මහතෙරනට බාධා නැති. මහ තෙරුන් දුමින් හා රජ හට බාධා වී යැ.

එක්බිති නා රජ දිලියිණ. මහතෙරහුද් දිලියෙන්නාහු, “තාගෙ ශරීරයෙහි මතු දල ඇත්තෙ නොවෙයි. මයිදු ගෙ සරීරයෙහිද් දල ඇතී” දිලියුණහ. නාගරාජයා ගෙ දලයෙන් මහතෙරනට බාධා නැති මහතෙරුන් ගෙ දල නාගරාජයා හට බාධා කෙරෙයි. නාගරාජ, “මෙ මහණ මා මෙරගල් හා සමඟ පෙළා-ලා දුමයි. දිලියෙ”යි සිතා, “භවත, තො කවරැ?”යි පිළිවිතැ. “නන්දය, මම් මුගලන්මි”යි කීහ. “වහන්සෙ, තොපගෙ මහණ වෙසින් සිටුව”යි කීයැ. මහතෙරහු නා රජ වෙස් හැරැ, මහණ වෙසින් ඔහු දකුණු කනින් නික්මෙති. එ සෙයින් මැ දකුණු නාසා බිලයෙන් වැදැ වම් නාසාබිලයෙන්[21] නික්මෙති. වම් නාසාබිලයෙන්1 වැදැ දකුනු නාසා බිලයෙන්1 නික්මෙති.

එක්බිති නා රජ මුව[22] විවර[23] කෙළෙ. මහතෙරහු මියෙන්[24] වැදැ ඇතුළු කුසැ හිස පටන්-ගෙනැ වල්පත් දක්වා,[25] වල්පත පටන්-ගෙනැ හිස දක්වා,5 සක්මන් කෙරෙති. බුදුහු, “මුගලන, සිහි එළවා. මහත් සෘද්ධි ඇත්තෙ යැ නා රජ”යි වදාළහැ. මහතෙරහු “වහන්සෙ, මා විසින් සතර සෘද්ධි පාදයො භවන ලද්දාහැ. නන්දෝපනන්ද සිටිව යි; මම නන්දෝපනන්දයා වැනි නාරජන් සියතු දු දහසකුදු දහසකුදු දස දමමී” කීහ. නා රජ සිතී: “මහණු කුසට වදනා කලැ නො දිටිමි. නික්මෙන කලැ දැන් දළ අතුරෙහි හොවා මිරිකා කමි”යි සිතා, ‘නික්මැ යව; වහන්සෙ, මා ඇතුළු කුසැ ඔබට මොබට සක්මන් කොටැ[26] මා නො පෙළව”යි කී යැ. මහතෙරහු නික්මැ පිටතැ සිටියාහැ. නාගරජ මහතෙරුන් දැකැ, “මෙහෙ සෙයැ නො?” යි[27] නාසාවාතයක් විහිට. මහතෙරහු සියුතජ්ඣන් සමවන්හ. ලොම්කුවකුදු ඔහු ගෙ විෂවාත සොල්වන්නට නොපොහොසත් වියැ. “සෙසු සඟහු ආදිය පටන්-ගෙනැ හැම පෙළහර කරන්නට පොහොසත් වූව ද, මෙතනට පැමිණැ. මෙසෙ වහා සමවදනට නොනිස්සහ”යි ඔවුනට බුදුහු නාගරාජයා දමන්නට නො අනුදත්හු.[28]

නාගරාජ, “මම් මෙ මහණහු නාසාවාතයෙන් ලොම්කුවකුදු[29] සොල්වන්නට නොපොහොසත් වීමි. මහණ මහත් සෘද්ධ ඇත්තෙ යැ” සිතී. මහතෙරහු මහණ වෙස් හැරැ ගුරුළුවෙසක් මවා-ගෙනැ, ගුරුළුවාත[30] දක්වා, නා රජහු ලුහුබැන්දාහු[31] නා රජ එ වෙස් පියා, මණෙවුවෙසක් මවා ගෙනැ, “වහන්සෙ, තොප සරණ යෙමි”යි කියනුයෙ, මහ තෙරුන් පා වැන්දැ. මහ තෙරහු “නන්දය බුදුහු වැඩියාහ: එ, බුදුන් කරා යම්හ”යි නා රජහු දමා නිර්විෂ කොටැ ගෙනැ, බුදුන් කරා ගියහැ.[32]

නා රජ බුදුන් වැඳැ “වහන්සෙ, තොප සරණ යෙමි”යි කී යැ. බුදුහු “සුව පත් වා,[33] නා රජ” යි වදාරා ධම් දෙසන්නාහු, “නන්දය, සතුරන් කෙරෙහි ක්‍රොධ නොකට යුත්තෙ යැ. ක්‍රොධ ඇති පුඟුල් වැදු[34] මවට දු, දා පියාට දු, මල්බෑයනට දු, නෑයනට දු, මිතුරනට දු, අප්‍රිය වෙයි. ඩහන්නට ආ සපක්හු සෙයින්, අටවියෙහි[35] නැඟී සොරක්හු සෙයින්, කන්නට ආ යකක්හු සෙයින්, ත්‍රාස උපයනු වෙයි. හැඳැ පැළැඳැ දු සිටියෙ, විවන වෙයි. පුන් සඳක් බඳු මහණෙක් වී නම්, දල පහළ පියුමක් සෙයින්. මල ගත් රන් කැටපතක් සෙයින්, විරූප වෙයි. ක්‍රොධයෙන් තුමූ තමන් ඇනැ මීයෙති. විෂ කා මීයෙති. දිව ඇදැ මියෙති.[36] ප්‍රපාතයෙහි හී මීයෙති. මෙලොවැ අනුන් විසින් ගරහනු ලැබෙති. පරලොවැ නිරය ආදියැ උපැදැ කුරිරු දරුණු දුක් විඳිති. ඉදින් මිනිස් පියක් ලද්දාහු නම්, උපන් තැන පටන් ගෙනැ රොගී වෙති. චක්ඛුරොග සොතරොගාදි රොගයන් කෙරෙහි එක්[37] රොගයෙකින් නැංගො නම්, අනෙක් රොගයෙකැ හෙති. රොගයෙන් නො මිදී, සියලු දුක් පත් වෙති. එබැවින් හැම සතුන් කෙරෙහි මෙත්සිත් ඇති විය යුත්තෙ යැ. හිත සිත් මෙළෙක් සිත් ඇති විය යුත්තෙ යැ”යි අවවාද කොටැ සරණසිලැ පිහිට්ටා, සඟුන් පිරිවරා අනෙවඩු මහසිටාණන් ගෙට වැඩියො. අනෙවඩු මහසිටාණො, “කිම, වහන්සෙ, දව වැ වැඩි දෑ නො?” යි

කීහු. “මුගලන්හු හා නන්දෝපනන්දයා හා දෙ දෙනාගෙ සඞ්ග්‍රාමයෙන් වී යැ” යි වදාළහැ. “වහන්සෙ, ක හට ජය යැ? ක හට පරාජය යැ?” යි පුළුවුත්හැ. “මුගලන් හට ජය යැ. නන්දයා හට පරාජය යැ”යි වදාළහැ. එකල්හි අනෙවඩු මහාසිටාණො, “වහන්සෙ, අද පටන් ගෙනැ සතියක් දවස් මාගෙ බත් අධිවාසනා කරනු මැනැවැ”යි අයපැ “මහතෙරනට ජයමඟුල් කෙරෙමි” යි සතියක් දවස් බුදු පාමොක් පන්සියක් සඟනට මහත් සත්කාර කොළො.

  1. දෙව්රම් වෙහෙර

  2. වැඩවසනු

  3. රැයින්

  4. නුවණැසට

  5. මිසදිටුහ, මිසදිටු, මිසදිට්

  6. තුණුරුවන්හි ගුණ

  7. දුටුහු, දුට්හු

  8. කියායි, කියායයි

  9. අවම්බිම්, අවසන්බිම්

  10. දිවබජනෙන්-මු

  11. වියන් මුදුනෙන්

  12. වඩිති

  13. පවිටු දිටුහයෙක්

  14. මහණ-වියො-හැම

  15. මුදුනෙන්

  16. තව්තිසා

  17. ඔවමින්

  18. සිටි සෙයින්, සිටියෙම්

  19. දත්මි

  20. පෙරළාලූහ, වෙළාලුහ

  21. නාසා සිදුරෙන්

  22. මුවය

  23. විවෘත

  24. මුයෙන්, මුවයෙන්

  25. දක්වාද්

  26. නො කොට,

  27. මෙසෙය හොයි, මේ හේ යැ යි-මු වෙහෙසයහෝයි

  28. අනු නොදත්හු

  29. කූපකුදු

  30. ගුරුළුවාද

  31. ලුහුබඳහු, ලුහුබැඳහු, ලුහුබන් (ද්) හු-මු;

  32. ගොස්

  33. සුවපත් ව

  34. වැදැ

  35. අඩෙවියෙහි

  36. දිව ඇදැ කා මි‍තෙි

  37. එක්තරා-මු: