අභිධර්මාර්ථ ප්‍රදීපිකා

භූමි චතුස්කය

සත්ත්වයන් වාසය කරණ ස්ථාන හෙවත් නාම රූප සඞ්ඛ්‍යාත පරමාර්ථ ධර්මයාගේ හටගැණීමට ස්ථාන වූ භූමි සතරෙකි.

එනම්:-

  1. අපාය භූමි
  2. කාම සුගති භූමි
  3. රූපාවචර භූමි
  4. අරූපාවචර භූමි

මෙයින් අපාය භූමි සහ කාම සුගති භූමි එක්කොට ගත් කල්හි කාම භූමි නම් වේ. කාම භූමි සියල්ලම එකොළොසකි. එනම් සතර අපායත්, සප්ත කාම සුගතියත් ය.