placeholder
අප ගැන - About Us

මෙම මෘදුකාංගය මඟින් ස්කෑන් පිටපත් කර ඇති බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලා පහසුවෙන් පරිශීලනය කළ හැක. සෙවීම පහසු කිරීම සඳහා ත්‍රිපිටක පොත් වහන්සේලා වෙලුම් 57 හිම ඇති පටුනවල් භාවිතා කර සෙවුම් ක්‍රමයක් ද සකසා ඇත. පටුන කියවීම පහසු වීම සඳහා සුදුසු තැන්වල හල් අකුරු භාවිතා කර ඇති අතර ඒ හැර වෙනත් කිසිම වෙනසක් සිදු කොට නැත.

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ලොව පුරා ධර්මය හදාරන ප්‍රවීණයන්ගේ විශ්වසනීය ම ත්‍රිපිටක පිටපත වන අතර එහි සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ වඩාත් ම පිළිගත් පරිවර්තනය වේ. ස්කෑන් පිටපත් කර ඇති බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලා ගේ සම්පූර්ණ වෙලුම් 57ම PDF ලෙස මෙතැනින් භාගත් හැක (5.8 GB).

යම් අතපසුවීම් නිසා පටුනේ සූත්‍ර නාමයක් විවෘත කළ විට වැරදි සූත්‍රයකට යොමු වීමට කලාතුරකින් ඉඩ ඇති අතර එවැනි දෝෂයක් දුටුවොත් කරුණාකර අප වෙත pathnirvanagmail.com ඔස්සේ දැනුම් දෙන්න.

පුණ්‍යානුමෝදනා

ව්‍යක්ත පණ්ඩිත භික්ෂූන් වහන්සේලා විශාල නමකගේ වසර 30ක 40ක කැපවීමක් මතින් බිහිවුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුල් මුද්‍රණය අනුව යමින් එය සංක්ෂණය කිරීමේ අභිප්‍රායද පෙරදැඩිව මසක පමණ කාලයක් වෙහෙස වීමෙන් මේ PDF පිටපත සකස් කරන ලදී.

This set of PDF files is an authentic recreation of the original Buddha Jayanthi Tipitaka book series of Sri Lanka.

මේ ව්‍යායාමය වසර 30 ගණනක් වෙහෙස මහන්සි වී බුද්ධ ජයන්ති පොත් පෙළ සකස් කරන ලද මහා ථෙරවරුන්ට ද උන්වහන්සේලාගේ ඒ අප්‍රතිහත කැපවීමට ද කරන උපහාරයක්ම වේවා.

කලින් මෙම මෘදුකාංගය සඳහා සමින්ද රණසිංහ මහත්මා විසින් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය නව මුද්‍රණය ස්කෑන් පිටපත් කර aathaapi.org හි ඇතුළත් කර ඇති PDF ගොනු භාවිතා කළ අතර ඒවා නොමිලේ ලබා දීමට කටයුතු කිරීම ගැන අප සියලු දෙනා සමින්ද රණසිංහ මහත්මාට ගෞරව පූර්වකව කෘතඥතාව පළ කරමු.

සහයවන්න | Contribute to Us

ඔබ පරිගණක කේතනය පිලිබද දැනුම අති පුද්ගලයෙක් නම්, අපට සහ‍යවීමට අපගේ github repo ව වෙත පිවිසෙන්න.

If you are someone with programming knowledge, you can explore our github repo to contribute.

භාගත කරන්න - Download

Android

Android ජංගම දුරකථන සහ ටැබ්ලට් සඳහා භාවිතා කල හැකි app එකක් සාදා ඇත. Google Play Store හි මෙම බුද්ධ ජයන්ති ත්‍රිපිටක app එක install කර ගන්න.

ඉහත app එක අන්තර්ජාලය නොමැතිව (Offline) භාවිතා කිරීමට පහත දැක්වෙන Zip file දෙකෙන් එකක අන්තර්ගතය ඔබගේ ජංගම දුරකතනයේ "Pictures" ගොනුවට copy කරන්න. ඔබේ දුරකතනයේ SD Card එකක් තිබේනම් එහි හෝ "Pictures" නමින් ගොනුවක් සාදා එයට copy කරන්න. Zip file එකක් පහතින් භාගත කරගන්න

  1. අකුරු වඩා පැහැදිලි පැරණි මුද්‍රණය (ප්‍රමාණය 3.5 GB)
  2. අකුරු තරමක් අපැහැදිලි නව මුද්‍රණය (ප්‍රමාණය 2.3 GB)
එසේ copy කිරීමෙන් පසුව "Pictures/bjt_books" හෝ "Pictures/bjt_newbooks" නමැති ගොනුව තුළ 1 සිට 57 දක්වා නම් ඇති ගොනු 57ක් තිබිය යුතුය. දැන් ඔබට Google Play Store හි ඇති මෙම බුද්ධ ජයන්ති ත්‍රිපිටක app එක අන්තර්ජාලය නොමැතිව භාවිතා කල හැකිය. (ඔබගේ ෆොටෝස් access කිරීම සඳහා අනුකුලතාවය (permission) ලබා දෙන්න)

Windows, Mac, Linux

අන්තර්ජාල පහසුකම් නැති පරිඝණක වල භාවිත කල හැකි මෘදුකාංගයක්ද අප චිසින් සකසා ඇත. Mac, Windows, Linux ආදී ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රිය කල හැකිය. ත්‍රිපිටක පොත් වහන්සේලා සමඟ මෙම මෘදුකාංගය පහතින් භාගත කරගන්න.

  1. අකුරු වඩා පැහැදිලි පැරණි මුද්‍රණය (ප්‍රමාණය 3.5 GB)
  2. අකුරු තරමක් අපැහැදිලි නව මුද්‍රණය (ප්‍රමාණය 2.3 GB)
භාගත කරගැනීමෙන් පසු zip ගොනුව දිගහැර 'Buddha Jayanthi Tipitaka.html' කියන ගොනුව විවෘත කරන්න.

iOS

අන්තර්ජාලය නැතිව iPhone, iPad උපකරණ වල භාවිතා කල හැකි Apple iOS මෘදුකාංගයක්ද Apple App Store එකේ "Buddha Jayanthi Tripitaka" නමින් search කිරීමෙන් ඔබට සොයාගත හැකිය.

PDF

මෙම මෘදුකාංගයේ අඩංගු පොත් පෙළ PDF ලෙසද මෙම ලින්ක් එකෙන් භාගත කරගත හැකිය. PDF ලෙස ප්‍රමාණය 5.8 GB වේ.

Help

  1. මෘදුකාංග පිහිටුවීම සඳහා තාක්ෂණික උපදෙස් අවශ්‍ය නම්: පණ්ඩුක - 0771662048 හෝ පසන් - 0772336825
  2. භික්ෂූන් වහන්සේලා සඳහා මේ මෘදුකාංග භාගත කිරීමට data රීලෝඩ් අවශ්‍ය නම්: ජනක විතානගේ +14165581617 (janakavgmail.com)
  3. මෙම මෘදුකාංගය ඇතුලත් කර සැකසු DVD තැටි ලබාගැනීමට: චාමින්ද - 0770769101 හෝ cchaamigmail.com

භාවිතයට උපදෙස්
  • අවශ්‍ය සූත්‍රය සෙවීම සඳහා යුනිකෝඩ් හෝ සිංග්ලිෂ් වලින් ලිවිය හැක. (සිංග්ලිෂ් සඳහා භාවිතා වන ඉංග්‍රීසි අකුරු වගුව පහතින් දැක්වේ)
  • සෙවීම ආරම්භ වීම සඳහා අවම වශයෙන් අකුරු දෙකක්වත් ලිවිය යුතු අතර ස්වයංක්‍රීයව ප්‍රතිඵල ලැබුණේ නැතිනම් Enter හෝ Arrow Key ඔබන්න.
  • ඔබ සොයන පදයට සමාන පද සහිත බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ පටුනෙහි සඳහන් වන මාතෘකා ප්‍රතිඵල 100ක් දක්වා වගුවක් ආකාරයෙන් පෙන්නුම් කෙරෙනු ඇත.
  • ප්‍රතිඵල දක්වා ඇති පිළිවෙළ ආකාරදී හෝ අංක පිළිවෙළට වෙනස් කිරීමට වගුවේ මාතෘකාවේ ඇති සහ අයිකන් ඔබන්න.
  • සෙවීම, වෙලුම් 57න් යම් වෙලුම් වලට සීමා කිරීම සඳහා අයිකන් එක ඔබා අවශ්‍ය වෙලුම් තෝරා ගන්න.
  • ඕනෑම අවස්ථාවක අයිකන් එක එබීම මඟින් ඔබ විසින් අවසානයේ සෙවීම කල ප්‍රතිඵල ලැයිස්තුවට යා හැක.
  • ඒ වගේම අවශ්‍ය කොටසකට/සූත්‍රයකට යාම සඳහා දකුණුපස ඉහළ ඇති අයිකන් එක එබීමෙන් ලැබෙන මෙනුව භාවිතා කල හැක. හැකිළ වීම සඳහා නැවත එම ලකුණම ඔබන්න.
  • කළින් පිටුවට සහ ඊළඟ පිටුවට පොතෙහි ඉහළින් සහ පහළින් දැක්වෙන තීරු එබීමෙන් යොමුවිය හැක.
  • යම් පිටුවකට අදාළ link එක copy කර ගැනීම සඳහා අයිකන් එක ඔබන්න. ඉන්පසු අවශ්‍ය ස්ථානයේ paste කර දහම් කරුණු බෙදාහරින්න.
  • රාත්‍රියේ දී ඇසට පහසු වන පරිදි තිරය අඳුරු කිරීම සඳහා (dark mode) මෙනුවේ අදාළ අයිකනය භාවිතා කරන්න.

සිංග්ලිෂ් අකුරු ලැයිස්තුව

සිංග්ලිෂ් වලින් ලිවීමේ දී අවශ්‍ය සිංහල අකුරු ලබා ගැනීම සඳහා පහත වගුවෙහි දැක්වෙන ඉංග්‍රීසි අකුරු භාවිතා කරන්න. එකම සිංහල ශබ්දය සඳහා ඉංග්‍රීසි අකුරු එකකට වඩා ඇති විට ඔබට ඒ ඕනෑම අකුරක් භාවිතා කල හැකිය. උදාහරණ ලෙස 'ඛ' අකුර ලිවීම සඳහා 'ka' හෝ 'kha' දෙවිදියම භාවිතා කළ හැක.

Vowels
    Consonants
      උදාහරණ
        විශේෂ