placeholder
අප ගැන - About Us

මෙම මෘදුකාංගය මඟින් ස්කෑන් පිටපත් කර ඇති බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලා පහසුවෙන් පරිශීලනය කළ හැක. සෙවීම පහසු කිරීම සඳහා ත්‍රිපිටක පොත් වහන්සේලා වෙලුම් 57 හිම ඇති පටුනවල් භාවිතා කර සෙවුම් ක්‍රමයක් ද සකසා ඇත. පටුන කියවීම පහසු වීම සඳහා සුදුසු තැන්වල හල් අකුරු භාවිතා කර ඇති අතර ඒ හැර වෙනත් කිසිම වෙනසක් සිදු කොට නැත.

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ලොව පුරා ධර්මය හදාරන ප්‍රවීණයන්ගේ විශ්වසනීය ම ත්‍රිපිටක පිටපත වන අතර එහි සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ වඩාත් ම පිළිගත් පරිවර්තනය වේ. ස්කෑන් පිටපත් කර ඇති බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලා ගේ සම්පූර්ණ වෙලුම් 57ම PDF ලෙස මෙතැනින් භාගත් හැක (900 MB).

යම් අතපසුවීම් නිසා පටුනේ සූත්‍ර නාමයක් විවෘත කළ විට වැරදි සූත්‍රයකට යොමු වීමට කලාතුරකින් ඉඩ ඇති අතර එවැනි දෝෂයක් දුටුවොත් කරුණාකර අප වෙත adminpitaka.lk ඔස්සේ දැනුම් දෙන්න.

පුණ්‍යානුමෝදනා

මෙම මෘදුකාංගය සඳහා සමින්ද රණසිංහ මහත්මා විසින් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ස්කෑන් පිටපත් කර aathaapi.org හි ඇතුළත් කර ඇති PDF ගොනු භාවිතා කළ අතර ඒසේ පිටපත් කර aathaapi.org සැකසීම සඳහා අතිමහත් කැප කිරීමක් සහ මේ මිළ කල නොහැකි වටිනා බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලාගේ පිටපත් අපමණ කලක් බොහෝ දෙනාගේ හිත සුව පිණිස හේතුවන සේ නොමිලේ ලබා දීමට කටයුතු කිරීම ගැන අප සියලු දෙනා සමින්ද රණසිංහ මහත්මාට ගෞරව පූර්වකව කෘතඥතාව පළ කරමු.

භාගත කරන්න - Download

Android ජංගම දුරකථන සහ ටැබ්ලට් සඳහා අන්තර්ජාලය නොමැතිව භාවිතා කල හැකි app එකක් සාදා ඇත. ප්‍රමාණය 2.5 GB වන මේ app එක භාගත කරගෙන install කරගන්න. මේ ඇප් එක පෙන් ඩ්‍රයිව් එකකට කොපි කරගෙන ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාගේ මොබයිල් ෆෝන් ටැබ්ලට් වලට install කරල දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්න. මුද්‍රිත පොත් කට්ටලයකටත් වඩා භාවිතය පහසුයි.

ඉහත app එක ඔබගේ ජංගම දුරකතනයේ install කල නොහැකි නම් විකල්පයක් ලෙස පහත දැක්වෙන zip file එකේ අන්තර්ගතය ඔබගේ ජංගම දුරකතනයේ "Pictures" ගොනුවට copy කරන්න. Zip file එක මෙතැනින් භාගත කරගන්න (ප්‍රමාණය 2.3 GB) -> http://www.mediafire.com/file/dw6g8guxn37s0mk/ එසේ copy කිරීමෙන් පසුව "Pictures/bjt_books" නමැති ගොනුව තුළ 1 සිට 57 දක්වා නම් ඇති ගොනු 57ක් තිබිය යුතුය. දැන් ඔබට Google Play Store හි ඇති මෙම බුද්ධ ජයන්ති ත්‍රිපිටක app එක අන්තර්ජාලය නොමැතිව භාවිතා කල හැකිය. (ඔබගේ ෆොටෝස් access කිරීම සඳහා අනුකුලතාවය (permission) ලබා දෙන්න)

අන්තර්ජාල පහසුකම් නැති පරිඝණක වල භාවිත කල හැකි මෘදුකාංගයක්ද අප චිසින් සකසා ඇත. ඇපල්, වින්ඩෝස්, ලිනක්ස් ආදී ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රිය කල හැකිය. ත්‍රිපිටක පොත් වහන්සේලා සමඟ මෙම මෘදුකාංගයේ ප්‍රමාණය 2.3 GB පමණ වන අතර මෙතනින් භාගත හැක. භාගත කරගැනීමෙන් පසු zip ගොනුව දිගහැර 'Buddha Jayanthi Tipitaka.html' කියන ගොනුව විවෘත කරන්න.

අන්තර්ජාලය නැතිව iPhone, iPad උපකරණ වල භාවිතා කල හැකි Apple iOS මෘදුකාංගයක්ද Apple App Store එකේ "Buddha Jayanthi Tripitaka" නමින් search කිරීමෙන් ඔබට සොයාගත හැකිය.

  1. මෘදුකාංග පිහිටුවීම සඳහා තාක්ෂණික උපදෙස් අවශ්‍ය නම්: පණ්ඩුක - 0771662048 හෝ පසන් - 0772336825
  2. භික්ෂූන් වහන්සේලා සඳහා මේ මෘදුකාංග භාගත කිරීමට data රීලෝඩ් අවශ්‍ය නම්: ජනක විතානගේ (janakavgmail.com)
  3. මෙම මෘදුකාංගය ඇතුලක් කර සැකසු DVD තැටි ලබාගැනීමට: චාමින්ද - 0770769101 හෝ cchaamigmail.com

භාවිතයට උපදෙස්
  • අවශ්‍ය සූත්‍රය සෙවීම සඳහා යුනිකෝඩ් හෝ සිංග්ලිෂ් වලින් ලිවිය හැක. (සිංග්ලිෂ් සඳහා භාවිතා වන ඉංග්‍රීසි අකුරු වගුව පහතින් දැක්වේ)
  • සෙවීම ආරම්භ වීම සඳහා අවම වශයෙන් අකුරු දෙකක්වත් ලිවිය යුතු අතර ස්වයංක්‍රීයව ප්‍රතිඵල ලැබුණේ නැතිනම් Enter හෝ Arrow Key ඔබන්න.
  • ඔබ සොයන පදයට සමාන පද සහිත බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ පටුනෙහි සඳහන් වන මාතෘකා ප්‍රතිඵල 100ක් දක්වා වගුවක් ආකාරයෙන් පෙන්නුම් කෙරෙනු ඇත.
  • ප්‍රතිඵල දක්වා ඇති පිළිවෙළ ආකාරදී හෝ අංක පිළිවෙළට වෙනස් කිරීමට වගුවේ මාතෘකාවේ ඇති සහ අයිකන් ඔබන්න.
  • සෙවීම, වෙලුම් 57න් යම් වෙලුම් වලට සීමා කිරීම සඳහා අයිකන් එක ඔබා අවශ්‍ය වෙලුම් තෝරා ගන්න.
  • ඕනෑම අවස්ථාවක අයිකන් එක එබීම මඟින් ඔබ විසින් අවසානයේ සෙවීම කල ප්‍රතිඵල ලැයිස්තුවට යා හැක.
  • ඒ වගේම අවශ්‍ය කොටසකට/සූත්‍රයකට යාම සඳහා දකුණුපස ඉහළ ඇති අයිකන් එක එබීමෙන් ලැබෙන මෙනුව භාවිතා කල හැක. හැකිළ වීම සඳහා නැවත එම ලකුණම ඔබන්න.
  • කළින් පිටුවට සහ ඊළඟ පිටුවට පොතෙහි ඉහළින් සහ පහළින් දැක්වෙන තීරු එබීමෙන් යොමුවිය හැක.
  • යම් පිටුවකට අදාළ link එක copy කර ගැනීම සඳහා අයිකන් එක ඔබන්න. ඉන්පසු අවශ්‍ය ස්ථානයේ paste කර දහම් කරුණු බෙදාහරින්න.

සිංග්ලිෂ් අකුරු ලැයිස්තුව

සිංග්ලිෂ් වලින් ලිවීමේ දී අවශ්‍ය සිංහල අකුරු ලබා ගැනීම සඳහා පහත වගුවෙහි දැක්වෙන ඉංග්‍රීසි අකුරු භාවිතා කරන්න. එකම සිංහල ශබ්දය සඳහා ඉංග්‍රීසි අකුරු එකකට වඩා ඇති විට ඔබට ඒ ඕනෑම අකුරක් භාවිතා කල හැකිය. උදාහරණ ලෙස 'ඛ' අකුර ලිවීම සඳහා 'ka' හෝ 'kha' දෙවිදියම භාවිතා කළ හැක.

Vowels
    Consonants
      උදාහරණ
        විශේෂ