බුද්ධ ජයන්ති ත්‍රිපිටකය – මේ ගැන
භාවිතයට උපදෙස් · භාගත කරන්න · අප ගැන
භාවිතයට උපදෙස්
- සූත්‍රයක හෝ කොටසක නම ඉහළ කොටුවේ සිංහලෙන් හෝ singlish වලින් (උදා: satipattana) ලියන්න. වෙළුම් 57 හි පටුන් වල ඇති නම් අතරින් ගැළපෙන ඒවා පෙන්වයි.
- සෙවීම එක් පිටකයකට සීමා කිරීමට ප්‍රතිඵල වලට ඉහළින් ඇති ලැයිස්තුවෙන් පිටකය තෝරන්න.
- පටුනෙන් තෝරා ගැනීමට මුල් පිටුවේ නිකායක හෝ පොතක නම අසල ඇති ඔබා ඇතුළත කොටස් බලන්න.
- පුළුල් තිරවල පාළි සහ සිංහල පිටු පසෙක් පසෙක පෙන්වයි. දුරකථනයේ එක් පිටුවක් පෙන්වන අතර, පාළි හා සිංහල අතර මාරු වීමට පිටුවට ඉහළින් ඇති බොත්තම් ඔබන්න.
- පෙර සහ ඊළඟ පිටුවට යාමට පිටුවට ඉහළින් හා පහළින් ඇති බොත්තම් හෝ යතුරු පුවරුවේ ← → යතුරු භාවිතා කරන්න. පිටුව විශාල කර බැලීමට ඇඟිලි දෙකෙන් දිග හරින්න.
- කැමති කොටසකට පසුව නැවත යාමට ඔබා තරුවක් යොදන්න. තරු යෙදූ මාතෘකා මුල් පිටුවේ පෙන්වයි.
- පිටුවක link එක බෙදා ගැනීමට ඔබන්න. අකුරු ප්‍රමාණය, අකුරු වර්ගය සහ අඳුරු තිරය Aa වලින් තෝරන්න.
- පටුනේ නමක් වැරදි පිටුවකට යොමු වන බව දුටුවොත් කරුණාකර pathnirvana@gmail.com වෙත දන්වන්න.
භාගත කරන්න
වෙළුම් 57 ම PDF ලෙස මෙතැනින් භාගත කළ හැක (5.8 GB).
Android
Android දුරකථන සහ ටැබ්ලට් සඳහා බුද්ධ ජයන්ති ත්‍රිපිටක app එක Google Play වෙතින් ලබා ගන්න. අන්තර්ජාලය නොමැතිව (offline) භාවිතා කිරීමට පහත zip ගොනු දෙකෙන් එකක අන්තර්ගතය දුරකථනයේ හෝ SD card එකේ "Pictures" ගොනුවට copy කරන්න:
- අකුරු වඩා පැහැදිලි පැරණි මුද්‍රණය (3.5 GB)
- අකුරු තරමක් අපැහැදිලි නව මුද්‍රණය (2.3 GB)
එවිට "Pictures/bjt_books" හෝ "Pictures/bjt_newbooks" ගොනුව තුළ 1 සිට 57 දක්වා නම් ඇති ගොනු 57 ක් තිබිය යුතුය. ඉන්පසු app එකට ඡායාරූප බැලීමට අවසර (permission) දෙන්න.
Windows, Mac, Linux
අන්තර්ජාලය නැති පරිගණක වල භාවිතා කළ හැකි පිටපත, පොත් සමඟ: zip ගොනුව දිග හැර "Buddha Jayanthi Tipitaka.html" විවෘත කරන්න.
- අකුරු වඩා පැහැදිලි පැරණි මුද්‍රණය (3.5 GB)
- අකුරු තරමක් අපැහැදිලි නව මුද්‍රණය (2.3 GB)
iPhone, iPad
App Store හි "Buddha Jayanthi Tripitaka" ලෙස සොයන්න.
උදව්
- මෘදුකාංග පිහිටුවීමට තාක්ෂණික උපදෙස්: පණ්ඩුක – 0771662048 හෝ පසන් – 0772336825
- භික්ෂූන් වහන්සේලාට මේ මෘදුකාංග භාගත කිරීමට data රීලෝඩ් අවශ්‍ය නම්: ජනක විතානගේ +14165581617 (janakav@gmail.com)
- මෙම මෘදුකාංගය සහිත DVD තැටි: චාමින්ද – 0770769101 හෝ cchaami@gmail.com
අප ගැන
මෙහි ස්කෑන් කළ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලා පහසුවෙන් පරිශීලනය කළ හැක. සෙවීම පහසු කිරීමට වෙළුම් 57 හි ම පටුන් භාවිතා කර ඇත. පටුන කියවීම පහසු වීමට සුදුසු තැන්වල හල් අකුරු යොදා ඇති අතර ඒ හැර වෙනත් වෙනසක් කර නැත.
බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ලොව පුරා ධර්මය හදාරන ප්‍රවීණයන්ගේ විශ්වසනීය ම ත්‍රිපිටක පිටපත වන අතර එහි සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ වඩාත් ම පිළිගත් පරිවර්තනය වේ. එහි පෙළ අකුරු වලින්, සෙවිය හැකි ලෙස tipitaka.lk හි ඇත.
පුණ්‍යානුමෝදනා
ව්‍යක්ත පණ්ඩිත භික්ෂූන් වහන්සේලා විශාල නමකගේ වසර 30 ක 40 ක කැපවීමෙන් බිහිවුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුල් මුද්‍රණය අනුව යමින් එය සංරක්ෂණය කිරීමේ අභිප්‍රායෙන් මසක පමණ කාලයක් වෙහෙස වී මේ PDF පිටපත සකස් කරන ලදී. This set of PDF files is an authentic recreation of the original Buddha Jayanthi Tipitaka book series of Sri Lanka.
මේ ව්‍යායාමය වසර 30 ගණනක් වෙහෙස මහන්සි වී බුද්ධ ජයන්ති පොත් පෙළ සකස් කළ මහා ථෙරවරුන්ට ද උන්වහන්සේලාගේ ඒ අප්‍රතිහත කැපවීමට ද කරන උපහාරයක් ම වේවා.
කලින් මෙම මෘදුකාංගය සඳහා සමින්ද රණසිංහ මහත්මා විසින් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය නව මුද්‍රණය ස්කෑන් කර aathaapi.org හි ඇතුළත් කළ PDF ගොනු භාවිතා කළ අතර ඒවා නොමිලේ ලබා දීම ගැන සමින්ද රණසිංහ මහත්මාට ගෞරවයෙන් කෘතඥතාව පළ කරමු.
සහය වන්න | Contribute
ඔබ පරිගණක කේතනය දන්නා අයෙක් නම්, අපට සහය වීමට අපගේ github repo වෙත පිවිසෙන්න. If you are someone with programming knowledge, you can explore our github repo to contribute.