ත්‍රිපිටකය
5. උපොසථවග්ගො 5. උපොසථ වර්‍ගය
1. සඞ්ඛිත්තූපොසථසුත්තං 1. පඨම අට්ඨඞ්ගුපොසථ සූත්‍රය
2. විත්ථතූපොසථසුත්තං 2. දුතිය අට්ඨඞ්ගුපොසථ සූත්‍රය
3. විසාඛාසුත්තං 3. විසාඛුපොසථ සූත්‍රය
43
(අ. නි. 3.71) එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. අථ ඛො විසාඛා මිගාරමාතා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො විසාඛං මිගාරමාතරං භගවා එතදවොච - ‘‘අට්ඨඞ්ගසමන්නාගතො ඛො, විසාඛෙ, උපොසථො උපවුත්ථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො. කථං උපවුත්ථො ච, විසාඛෙ, අට්ඨඞ්ගසමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො? ඉධ, විසාඛෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘යාවජීවං අරහන්තො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතා නිහිතදණ්ඩා නිහිතසත්ථා ලජ්ජී දයාපන්නා, සබ්බපාණභූතහිතානුකම්පිනො විහරන්ති. අහං පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො, සබ්බපාණභූතහිතානුකම්පී විහරාමි. ඉමිනාපඞ්ගෙන අරහතං අනුකරොමි , උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතී’’’ති. ඉමිනා පඨමෙන අඞ්ගෙන සමන්නාගතො හොති...පෙ.....
‘‘‘යාවජීවං අරහන්තො උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතා නීචසෙය්‍යං කප්පෙන්ති - මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා. අහං පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතො නීචසෙය්‍යං කප්පෙමි - මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා. ඉමිනාපඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතී’ති. ඉමිනා අට්ඨමෙන අඞ්ගෙන සමන්නාගතො හොති. එවං උපවුත්ථො ඛො, විසාඛෙ, අට්ඨඞ්ගසමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො.
‘‘කීවමහප්ඵලො හොති, කීවමහානිසංසො, කීවමහාජුතිකො, කීවමහාවිප්ඵාරො? සෙය්‍යථාපි, විසාඛෙ, යො ඉමෙසං සොළසන්නං මහාජනපදානං පහූතරත්තරතනානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙය්‍ය, සෙය්‍යථිදං - අඞ්ගානං මගධානං කාසීනං කොසලානං වජ්ජීනං මල්ලානං චෙතීනං වඞ්ගානං කුරූනං පඤ්චාලානං මච්ඡානං සූරසෙනානං අස්සකානං අවන්තීනං ගන්ධාරානං කම්බොජානං, අට්ඨඞ්ගසමන්නාගතස්ස උපොසථස්ස එතං කලං නාග්ඝති සොළසිං. තං කිස්ස හෙතු? කපණං, විසාඛෙ, මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
‘‘යානි, විසාඛෙ, මානුසකානි පඤ්ඤාස වස්සානි, චාතුමහාරාජිකානං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි පඤ්ච වස්සසතානි චාතුමහාරාජිකානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං, විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරං මරණා චාතුමහාරාජිකානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය . ඉදං ඛො පනෙතං, විසාඛෙ, සන්ධාය භාසිතං - ‘කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය’’’.
‘‘යං , විසාඛෙ, මානුසකං වස්සසතං, තාවතිංසානං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන වස්සසහස්සං තාවතිංසානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං, විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරං මරණා තාවතිංසානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. ඉදං ඛො පනෙතං, විසාඛෙ, සන්ධාය භාසිතං - ‘කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය’’’.
‘‘යානි, විසාඛෙ, මානුසකානි ද්වෙ වස්සසතානි...පෙ.... චත්තාරි වස්සසතානි...පෙ.... අට්ඨ වස්සසතානි...පෙ.... සොළස වස්සසතානි පරනිම්මිතවසවත්තීනං දෙවානං එසො එකො රත්තින්දිවො . තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි සොළස වස්සසහස්සානි පරනිම්මිතවසවත්තීනං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං, විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරං මරණා පරනිම්මිතවසවත්තීනං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. ඉදං ඛො පනෙතං, විසාඛෙ, සන්ධාය භාසිතං - ‘කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධායා’’’ති.
‘‘පාණං න හඤ්ඤෙ න චදින්නමාදියෙ,
මුසා න භාසෙ න ච මජ්ජපො සියා;
අබ්‍රහ්මචරියා විරමෙය්‍ය මෙථුනා,
රත්තිං න භුඤ්ජෙය්‍ය විකාලභොජනං.
‘‘මාලං න ධාරෙ න ච ගන්ධමාචරෙ,
මඤ්චෙ ඡමායං ව සයෙථ සන්ථතෙ;
එතඤ්හි අට්ඨඞ්ගිකමාහුපොසථං,
බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිතං.
‘‘චන්දො ච සුරියො ච උභො සුදස්සනා,
ඔභාසයං අනුපරියන්ති යාවතා;
තමොනුදා තෙ පන අන්තලික්ඛගා,
නභෙ පභාසන්ති දිසාවිරොචනා.
‘‘එතස්මිං යං විජ්ජති අන්තරෙ ධනං,
මුත්තා මණි වෙළුරියඤ්ච භද්දකං;
සිඞ්ගීසුවණ්ණං අථ වාපි කඤ්චනං,
යං ජාතරූපං හටකන්ති වුච්චති.
‘‘අට්ඨඞ්ගුපෙතස්ස උපොසථස්ස,
කලම්පි තෙ නානුභවන්ති සොළසිං;
චන්දප්පභා තාරගණා ච සබ්බෙ.
‘‘තස්මා හි නාරී ච නරො ච සීලවා,
අට්ඨඞ්ගුපෙතං උපවස්සුපොසථං;
පුඤ්ඤානි කත්වාන සුඛුද්‍රයානි,
අනින්දිතා සග්ගමුපෙන්ති ඨාන’’න්ති. තතියං;
43
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතාව විසින් කරවන ලද පූර්‍වාරාමයෙහිවූ ප්‍රාසාදයෙහි වාසය කරන සේක. ඉක්බිති වනාහි මිගාර මාතාව නම්වූ විශාඛාව භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාය. එකත් පසෙක හුන් මිගාර මාතා නම්වූ විශාඛාවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“විශාඛාවෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත්ඵල වේ. මහත් ආනිශංස වේ. මහත් ආලෝක ඇත්තේ වේ. මහත් පැතිරීම් ඇත්තේ වේ.
“විශාඛාවෙනි, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ සලකයි. ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ සතුන් නැසීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්වී, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇතිව, දයාවට පැමිණ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇතිව වසත්. “මමත් අද මේ රැය, මේ දවස, සතුන් මැරීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්ව, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇත්තේ, දයාවට පැමිණියේ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇත්තේ වසමි.
“මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය” යි මේ පළමුවන අංගයෙන් යුක්තවූයේ වෙයි.
“ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ අනුන් දුන් දෙය ගැනීමෙන් තොරව, දුන් දෙය ගන්නේ, දුන් දෙය බලාපොරොත්තු වන්නේ, ඉක්බිති මේ පිරිසිදුවූ ආත්මයෙන් වෙසෙත්ද,
“මමත් අද මේ රැය, මේ දවස, නුදුන් දෙය ගැන්ම හැර දමා නුදුන් දෙය ගැන්මෙන් වෙන්වූයේ, දුන් දෙය ගන්නේ දුන් දෙය බලාපොරොත්තුවන්නේ, ඉක්බිති මේ පිරිසිදුවූ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය” යි මේ දෙවන අංගයෙන් යුක්තවූයේ වෙයි.
“ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ කාම සේවනය (බ්‍රහ්මයා මෙන් නොහැසිරීම) හැර දමා බඹසර රකින්නේ (කාම සේවනය නොකරන්නේ) දුරුව හැසිරෙන්නේ, දෙදෙනෙකුගේ හැසිරීමවූ ගමුන්ගේ ක්‍රියාවෙහි නොඇලුණේද, ‘මමත් අද මේ රැය, මේ දවාල, කාම සේවනය හැර, කාම සේවනයෙන් තොර බඹසර රකින්නේ, දුරුව හැසිරෙන්නේ, දෙදෙනෙකුගේ හැසිරීමවූ ගමුන්ගේ ක්‍රියාවෙහි නොඇලුණේ වෙමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය” යි මේ තුන්වන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.
“ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ බොරුකීම හැරදමා, බොරු කීමෙන් වෙන්වූයේ, ඇත්ත කියන්නේ, ඇත්තට බැඳී ඇත්තේ, ඇදහිය යුතුවූයේ, විශ්වාස කළ හැකි වූයේ, ලෝකයාට නොගැලපෙන කියුම් නැත්තේ වෙත්. මමද බොරුකීම හැර දමා, බොරු කීමෙන් වෙන්ව, සත්‍යය කියන්නේ, සත්‍යය බලාපොරොත්තු වන්නේ, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. “මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස්ද සමාදන් වූයේ වන්නේය” යි මේ සතරවන අංගයෙන් යුක්තවූයේ වෙයි.
“ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ රා මෙර මත් ද්‍රව්‍යයන්හි පමාව සිටීම හැර, රා මෙර මත් ද්‍රව්‍යවල ප්‍රමාදව සිටීමෙන් වෙන්වේද, මමත් අද මේ රැය, මේ දාවල, රා මෙර පානය හැර දමා, රා මෙර පානයෙන් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ පස්වන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.
“ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ එකම බතක් වළඳන්නේ, විකාල (නොකල) කෑමෙන්රෑ වෙන්වූයේ, නොඇලුණේ වෙත්. මමද මේ රැය, මේ දාවල, විකාල භෝජනයෙන් වැලකෙන්නේ, විකාල භෝජනයෙන් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ හයවන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.
“ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වැළකුණේ වෙයි. මමද අද මේ රැය, මේ දවස, නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වැළකුණේ, නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වෙන්ව ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ සත්වන අංගයෙන් යුක්තවූයේ වෙයි.
“ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ උස් අසුන්, මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, මැස්සක හෝ, තණ ඇතිරියක හෝ, පැදුරෙහි නිදීම කරන්නේ වේද, ‘මමද මේ රැය, මේ දවාල, උස් අසුන් මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, වැලකෙන්නේ, උස් අසුන් මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ අටවැනි අංගයෙන්ද යුක්තවූයේ වෙයි. මහණෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත් ඵලය. මහානිශංසය. මහත් ආලෝක ඇත්තේය. මහත් පැතිරීම් ඇත්තේය.
“විශාඛාවෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත්ඵල වේ. මහත් ආනිශංස වේ. මහත් ආලෝක ඇත්තේ වේ. මහත් පැතිරීම් ඇත්තේ වේ.
“කොපමණ මහත් ඵල වේද, කොපමණ මහත් ආනිශංස වේද, කොපමණ මහත් ආලෝක වේද? කොපමණ මහත් පැතිරීම් වේද?
“මහණෙනි, යම්සේ යමෙක් මේ බොහෝ සත් රුවන් ඇති සොළොස් මහා ජනපදයන්හි ඉසුරු බව, අධිපතිබවවූ රාජ්‍යය කරන්නේද, කෙබඳු සොලොස් මහා ජනපදයන්ගේද යත්? අංග - මගධ - කාශි - කොශල - වජ්ජි - මල්‍ය - වෙදි - වංග - කුරු - පඤ්චාල - මත්ස්‍ය - ශුරසෙන - අශ්වක - අවන්ති - ගන්‍ධාර - කාම්බොජ යන මොවුන්ගේය.”
“මෙය අංග අටකින් යුත් පෙහෙවස්හි සොළොස්වන කලාවටත් නොඅගී. එයට හේතු කවරේද? මහණෙනි, දිව්‍ය සුඛය හා සසඳන කල මනුෂ්‍ය රාජ්‍යය දිළිඳුය.
“මහණෙනි, මිනිසුන්ගේ යම් පණස් අවුරුද්දක් වේද, ඒ සිව් මහා රජයේ දෙවියන්ට මේ එක්රෑ දවාලකි. ඒ රැයින් තිස් රැයක් මාසයයි. ඒ මාසයෙන් දොලොස් මසක් අවුරුද්දය. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ පන්සියයක් සිවු මහ රජයේ දෙවියන්ට ආයුෂ ප්‍රමාණයයි.
“මහණෙනි, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු සතර මහා රජයේ දෙවියන් හා සම බවට පැමිණෙයි යන කරුණු විද්‍යමාන වේ.
“මහණෙනි, දිව්‍ය සුඛය හා සසඳන කල මනුෂ්‍ය රාජ්‍යය දිළිඳුය. මේ සඳහා කියන ලදී. මහණෙනි, මිනිසුන්ගේ යම් වර්‍ෂ සියයක් තව්තිසාවේ දෙවියනට මේ එකරෑ දවාලක් වේද, ඒ රැයින්රෑ තිහක් මාසයෙකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දහසක් තව්තිසාවේ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණයයි. මහණෙනි, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු තව්තිසා දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.
“මහණෙනි, මිනිසුන්ගේ යම් අවුරුදු දෙසියයක් යාම දෙවියන්ට මේ එක්රෑ දාවලක් වේද, ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දෙදහසක් යාම දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණයයි. මහණෙනි, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු යාම දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.
“මහණෙනි, මිනිසුන්ගේ යම් අවුරුදු හාරසියයක් වේද, තුෂිත දෙවියන්ට මේ එක්රෑ දාවලකි. ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ හාර දහසක් තුෂිත දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණයයි. මහණෙනි, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු තුෂිත දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.
“මහණෙනි, මිනිසුන්ගේ යම් අවුරුදු අටසියයක් වේද, නිර්මාණ රතී දෙවියන්ට මේ එකරෑ දවාලෙකි. ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ අටදහසක් නිර්මාණ රතී දෙවියන්ට ආයුෂ ප්‍රමාණයයි. මහණෙනි, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු නිර්මණෙ රතී දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.
“මහණෙනි, මිනිසුන්ගේ යම් අවුරුදු දහසය දහසක්, පරනිර්මිත වසවර්ති දෙවියන්ට මේ එකරෑ දවාලකි. ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් වර්ෂ දහසය දහසක් පරනිර්මිත වසවර්ති දෙවියන් ආයුෂ ප්‍රමාණයයි. මහණෙනි, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු පරනිර්මිත වසවර්ති දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.
(1) “පණ නොනසව. අනුන් දෙය නොගනුව. බොරු නොකියව, මත්පැන් බොන්නෙක් නොවව. දෙදෙනෙකුගේ හැසිරිමවූ අබ්‍රහ්මවර්යාවෙන් වෙන් වෙන්න. රැය නොකල්හි කෑම නොකව.
(2) “මල්දම් නොදරව. සුවඳ නොගනුව. පොළොවේ මෙන් මැස්සෙහිද, තණ ඇතිරියේද නිදව. මෙය දුක් කෙළවරට ගිය බුදුන් පැවසූ අංග අටින් යුත් පෙහෙවසයයි කියත්.
(3) “ඉරද, සඳද දෙදෙනා මනාව පෙනෙමින් එළිය පතුරුවත්ද, අහසේ හැසිරෙන, අඳුරු දුරලන, දිගුන් බබුළුවන ඔවුහු වනාහි අහසේ දිලිසෙත්.
(4) “මේ අතර මු.ුය, මැණික්ය, උසස් වෛදුර්යය, රත්රන්ද, එසේම රන්ද, යමක් ජාත රූපය හටකය කියාද, එයද සියලු චන්‍ද්‍ර ප්‍රභාවද, ඒ තාරකා සමූහයද, අංග අටින් යුත් පෙහෙවීමට දහසයින් අඩකුත් සමාන නොවේ.
(5) “එබැවින් ස්ත්‍රීහුද, පුරුෂයෝද, සිල්වත්වූවාහු, අංග අටින් යුත් පෙහෙවීම සමාදන්ව වසත්වා. සැප විපාක ඇති පින් කර නින්‍දාවට නොගියාහු ස්වර්‍ග භූමියට එළඹෙත්.”
4. වාසෙට්ඨසුත්තං 4. වාසෙඨුපොසත සූත්‍රය
5. බොජ්ඣසුත්තං 5. බොජ්ඣුපොසථ සූත්‍රය
6. අනුරුද්ධසුත්තං 6. අනුරුද්‍ධමනාප කායික සූත්‍රය
7. දුතියවිසාඛාසුත්තං 7. විශාඛාමනාපකායික සූත්‍රය
8. නකුලමාතාසුත්තං 8. නකුලමාතු මනාපකායික සූත්‍රය
9. පඨමඉධලොකිකසුත්තං 9. ඉධලොක විජය සූත්‍රය
10. දුතියඉධලොකිකසුත්තං 10. පරලොක විජය සූත්‍රය