ත්‍රිපිටකය
(17) 2. ආඝාතවග්ගො (17) 2. අඝාත වර්‍ගය
1. පඨමආඝාතපටිවිනයසුත්තං 1. ආඝාත පටි විනය සූත්‍රය
161
‘‘පඤ්චිමෙ , භික්ඛවෙ, ආඝාතපටිවිනයා යත්ථ භික්ඛුනො උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බො. කතමෙ පඤ්ච? යස්මිං, භික්ඛවෙ, පුග්ගලෙ ආඝාතො ජායෙථ, මෙත්තා තස්මිං පුග්ගලෙ භාවෙතබ්බා; එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො. යස්මිං, භික්ඛවෙ, පුග්ගලෙ ආඝාතො ජායෙථ, කරුණා තස්මිං පුග්ගලෙ භාවෙතබ්බා; එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො. යස්මිං, භික්ඛවෙ, පුග්ගලෙ ආඝාතො ජායෙථ, උපෙක්ඛා තස්මිං පුග්ගලෙ භාවෙතබ්බා; එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො. යස්මිං, භික්ඛවෙ, පුග්ගලෙ ආඝාතො ජායෙථ, අසතිඅමනසිකාරො තස්මිං පුග්ගලෙ ආපජ්ජිතබ්බො; එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො. යස්මිං , භික්ඛවෙ, පුග්ගලෙ ආඝාතො ජායෙථ, කම්මස්සකතා තස්මිං පුග්ගලෙ අධිට්ඨාතබ්බා - ‘කම්මස්සකො අයමායස්මා කම්මදායාදො කම්මයොනි කම්මබන්ධු කම්මප්පටිසරණො, යං කම්මං කරිස්සති කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදො භවිස්සතී’ති; එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච ආඝාතපටිවිනයා, යත්ථ භික්ඛුනො උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බො’’ති. පඨමං.
161
“මහණෙනි, යම් අරමුණෙක්හි උපන්නාවූ ක්‍රෝධය සියලු ආකාරයෙන් දුරුකටයුතුද ඒ මේ ක්‍රොධ සංසිඳීම් පසක් වෙත්.
“කවර පසක්ද යත්? මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රෝධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි)සසස’ මෛත්‍රිය වැඩිය යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරුකටයුතු වේ.
“මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රෝධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි කරුණාව වැඩිය යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරුකටයුතු වේ.
“මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රෝධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි උපෙක්‍ෂාව වැඩිය යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරුකටයුතු වේ.
“මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රෝධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි සිහි නොකිරීමට, මෙනෙහි නොකිරීමට පැමිණිය යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරුකටයුතු වේ.
“මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි ක්‍රෝධය උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි ආයුෂ්මත් තෙමේ කර්‍මය ස්වකීය කොට ඇත්තේ, කර්‍මය උරුම කොට ඇත්තේ, කර්‍මය උත්පත්ති කාරණාකොට ඇත්තේ, කර්‍මය නෑයන් කොට ඇත්තේය. කර්‍මය පිහිට කොට ඇත්තේය. යහපත්වූ හෝ ලාමකවූ හෝ යම් කර්‍මයක් කරන්නේ එයට උරුම ඇත්තෙක් වන්නේයයි කර්‍මය ස්වකීය කොට ඇති බව අධිෂ්ඨාන කළ යුතුයි. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ක්‍රෝධය දුරුකටයුතු වේ.
“මහණෙනි, යම් අරමුණෙක්හි උපන්නාවූ ක්‍රෝධය සියලු ආකාරයෙන් දුරුකටයුතුද ඒ මේ ක්‍රොධ සංසිඳීම් පසක් වෙත්.
2. දුතියආඝාතපටිවිනයසුත්තං 2. සාරිපුත්ත ආඝාතක විනය සූත්‍රය
3. සාකච්ඡසුත්තං 3. අලංසාකච්ඡ සූත්‍රය
4. සාජීවසුත්තං 4. අලසාංජීව සූත්‍රය
5. පඤ්හපුච්ඡාසුත්තං 5. පඤ්ච පුච්ඡන සූත්‍රය
6. නිරොධසුත්තං 6. වෙදයිත නිරෝධ සූත්‍රය
7. චොදනාසුත්තං 7. චොදක ධම්ම සූත්‍රය
8. සීලසුත්තං 8. සීල විපන්න සූත්‍රය
9. ඛිප්පනිසන්තිසුත්තං 9. ඛිප්පනිසන්තී සූත්‍රය
10. භද්දජිසුත්තං 10. භද්දජී - ආනන්‍ද සූත්‍රය