ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය
8. පිණ්ඩොල්‍යසුත්තං 8. පිණ්ඩොල සූත්‍රය
9. පාලිලෙය්‍යසුත්තං 9. පාරිලෙය්‍යක සූත්‍රය
10. පුණ්ණමසුත්තං 10. පුණ්ණමානි සූත්‍රය
9. ථෙරවග්ගො 9. ථෙර වර්ගය
1. ආනන්දසුත්තං 1. ආනන්ද සූත්‍රය
2. තිස්සසුත්තං 2. තිස්ස සූත්‍රය
3. යමකසුත්තං 3. යමක සූත්‍රය
4. අනුරාධසුත්තං 4. අනුරාධ සූත්‍රය
5. වක්කලිසුත්තං 5. වක්කලි සූත්‍රය
6. අස්සජිසුත්තං 6. අස්සජි සූත්‍රය
88
එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා අස්සජි කස්සපකාරාමෙ විහරති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො ආයස්මා අස්සජි උපට්ඨාකෙ ආමන්තෙසි - ‘‘එථ තුම්හෙ, ආවුසො, යෙන භගවා තෙනුපසඞ්කමථ; උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දථ - ‘අස්සජි, භන්තෙ, භික්ඛු ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්දතී’ති. එවඤ්ච වදෙථ - ‘සාධු කිර, භන්තෙ, භගවා යෙන අස්සජි භික්ඛු තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’’ති. ‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො අස්සජිස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘අස්සජි, භන්තෙ, භික්ඛු ආබාධිකො...පෙ.... සාධු කිර, භන්තෙ, භගවා යෙන අස්සජි භික්ඛු තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා අස්සජි තෙනුපසඞ්කමි. අද්දසා ඛො ආයස්මා අස්සජි භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන මඤ්චකෙ සමධොසි. අථ ඛො භගවා ආයස්මන්තං අස්සජිං (ආයස්මතො අස්සජිස්ස (පී. ක.)) එතදවොච - ‘‘අලං, අස්සජි, මා ත්වං මඤ්චකෙ සමධොසි. සන්තිමානි ආසනානි පඤ්ඤත්තානි, තත්ථාහං නිසීදිස්සාමී’’ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං අස්සජිං එතදවොච - ‘‘කච්චි තෙ, අස්සජි, ඛමනීයං, කච්චි යාපනීයං...පෙ.... පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමො’’ති?
‘‘න මෙ, භන්තෙ, ඛමනීයං...පෙ.... අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමො’’ති. ‘‘කච්චි තෙ, අස්සජි, න කිඤ්චි කුක්කුච්චං න කොචි විප්පටිසාරො’’ති? ‘‘තග්ඝ මෙ, භන්තෙ, අනප්පකං කුක්කුච්චං අනප්පකො විප්පටිසාරො’’ති. ‘‘කච්චි පන තං, අස්සජි, අත්තා සීලතො න උපවදතී’’ති? ‘‘න ඛො මං, භන්තෙ, අත්තා සීලතො උපවදතී’’ති. ‘‘නො චෙ කිර තං, අස්සජි, අත්තා සීලතො උපවදති, අථ කිඤ්ච තෙ කුක්කුච්චං කො ච විප්පටිසාරො’’ති? ‘‘පුබ්බෙ ඛ්වාහං, භන්තෙ, ගෙලඤ්ඤෙ පස්සම්භෙත්වා පස්සම්භෙත්වා කායසඞ්ඛාරෙ විහරාමි, සොහං සමාධිං නප්පටිලභාමි. තස්ස මය්හං, භන්තෙ, තං සමාධිං අප්පටිලභතො එවං හොති - ‘නො චස්සාහං පරිහායාමී’’’ති. ‘‘යෙ තෙ, අස්සජි, සමණබ්‍රාහ්මණා සමාධිසාරකා සමාධිසාමඤ්ඤා තෙසං තං සමාධිං අප්පටිලභතං එවං හොති - ‘නො චස්සු මයං පරිහායාමා’’’ති.
‘‘තං කිං මඤ්ඤසි, අස්සජි, රූපං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’...පෙ.... විඤ්ඤාණං ...පෙ.... තස්මාතිහ...පෙ.... එවං පස්සං...පෙ.... නාපරං ඉත්ථත්තායාති පජානාතීති. සො සුඛං චෙ වෙදනං වෙදයති (වෙදියති (සී. පී.)), සා ‘අනිච්චා’ති පජානාති. ‘අනජ්ඣොසිතා’ති පජානාති. ‘අනභිනන්දිතා’ති පජානාති. දුක්ඛං චෙ වෙදනං වෙදයති, සා ‘අනිච්චා’ති පජානාති. ‘අනජ්ඣොසිතා’ති පජානාති. ‘අනභිනන්දිතා’ති පජානාති. අදුක්ඛමසුඛං චෙ වෙදනං වෙදයති, සා ‘අනිච්චා’ති පජානාති...පෙ.... ‘අනභිනන්දිතා’ති පජානාති. සො සුඛං චෙ වෙදනං වෙදයති , විසංයුත්තො නං වෙදයති; දුක්ඛං චෙ වෙදනං වෙදයති, විසංයුත්තො නං වෙදයති; අදුක්ඛමසුඛං චෙ වෙදනං වෙදයති, විසංයුත්තො නං වෙදයති. සො කායපරියන්තිකං චෙ වෙදනං වෙදයමානො ‘කායපරියන්තිකං වෙදනං වෙදයාමී’ති පජානාති. ජීවිතපරියන්තිකං චෙ වෙදනං වෙදයමානාඑ ‘ජීවිතපරියන්තිකං වෙදනං වෙදයාමී’ති පජානාති. ‘කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තී’ති පජානාති.
‘‘සෙය්‍යථාපි , අස්සජි, තෙලඤ්ච පටිච්ච, වට්ටිඤ්ච පටිච්ච, තෙලප්පදීපො ඣායෙය්‍ය; තස්සෙව තෙලස්ස ච වට්ටියා ච පරියාදානා අනාහාරො නිබ්බායෙය්‍ය. එවමෙව ඛො, අස්සජි, භික්ඛු කායපරියන්තිකං වෙදනං වෙදයමානො ‘කායපරියන්තිකං වෙදනං වෙදයාමී’ති පජානාති. ජීවිතපරියන්තිකං වෙදනං වෙදයමානො ‘ජීවිතපරියන්තිකං වෙදනං වෙදයාමී’ති පජානාති. ‘කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තී’ති පජානාතී’’ති. ඡට්ඨං.
88
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දක නිවාප නම් තන්හි කරවනලද වේළුවනාරාමයෙහි වසනසේක. එකල්හි වනාහි හටගත් ලෙඩ ඇති දුකට පැමිණි දැඩි ගිලන් බැව් ඇති ආයුෂ්මත් අස්සජි ස්ථවිරතෙම කාශ්‍යප සිටුහු විසින් කරවනලද ආරාමයෙහි වෙසෙයි. ඉක්බිති ආයුෂ්මත් අස්සජි ස්ථවිරතෙමේ උපස්ථායකයන් කැඳවී. ‘ඇවැත්නි! එවු, තෙපි භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙකද, එතැනට පැමිණෙවු, පැමිණ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳිවු, ‘ස්වාමීනි! අස්සජි භික්ෂුතෙම වැළඳුණු රෝග ඇත්තේය. දුකට පැමිණියේය. දැඩි ගිලන්බැව් ඇත්තේය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳී”යයි (කියමි.)
‘මෙසේද කියවු, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අස්සජි භික්ෂුතෙම යම්තැනෙක්හිද එතැනට අනුකම්පාව පිණිස පැමිණෙතොත් මැනවයි’ (කියායි). ‘එසේය ඇවැත්නි.” කියා ඒ භික්ෂු ආයුෂ්මත් අස්සජි තෙරුන්ට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ, එකත්පස්ව හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීනි, අස්සජි භික්ෂුතෙම වැළඳුණු රොග ඇත්තේය, දුකට පත්වූයේය, දැඩි ගිලන්බැව් ඇත්තේය, හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳී, මෙසේද කියයි. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අස්සජි භික්ෂුතෙම යම් තැනෙක්හිද, එතැනට අනුකම්පා පිණිස වැඩියහොත් මැනව” (යනුයි.) භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දභාවයෙන් ඉවසා වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි ඵලසමවතින් නැගීසිටිසේක් ආයුෂ්මත් අස්සජි භික්ෂුතෙම යම් තැනෙකද, එහි වැඩිසේක, ආයුෂ්මත් අස්සජි තෙර වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුයේමය, දැක ඇඳෙන් නැගිටින අයුරෙන් ගෞරව කෙළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘අස්සජිය! කම්නැත. ඔබ ඇඳෙන් නොනැගිටුව, පනවන ලද්දාවූ මේ අසුන් වෙති, එහි මම හිඳගනිමි”යි කියා භාග්‍යවතුන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩහුන්සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ආයුෂ්මත් අස්සජි තෙරුන්ට මෙය වදාළසේක. “අස්සජිය, තොපට ඉවසාගත හැකිද? යැපියහැකිද? කිම! දුක් වේදනා පසුබසිද්ද, දියුණු නොවෙද්ද, මේ දුඃඛ වේදනාවන්ගේ අඩුවීම පෙනේද? දියුණුවීම නොපෙනේද?’ ‘ස්වාමීනි, මට ඉවසිය නොහැකිය, ඉරියව් පැවැත්විය නොහැකිය, මාගේ මේ දැඩි දුක් වේදනාවෝ වැඩිවෙති, අඩු නොවෙත්. මේ දුක් වේදනාවන්ගේ වැඩිවීම පෙනෙයි, අඩුවීම “නොපෙනෙයි,” කිම අස්සජිය, තොපට කිසි පසුතැවීමක් නැත්තේද, කිසි විපිළිසරබවක් නැත්තේද?” “ස්වාමීනි, මට ස්වල්පනොවූ පසුතැවීමක් ස්වල්ප නොවූ විපිළිසර බවක් ඇතැයි” කීය. “කිම? අස්සජිය, තට තෙමේ ශීලයෙන් චොදනා නොකෙරේද,” “ස්වාමීනි, මට තෙමේ ශීලයෙන් චොදනා නොකරේයයි” (කීය.) “ඉදින් අස්සජිය,” තට තෙමේ ශීලයෙන් චොදනා නොකෙරේ නම් තට කුමන පසුතැවීමක්ද කවර විපිළිසර බවක්දැ?යි” (වදාළහ.)
“ස්වාමීනි, මම පෙර වනාහි ගිලන්බවද, ආශ්වාස ප්‍රාශ්වාසයන්ද සංසිඳවා කලකිරී වසමි. ඒ මම (චතුර්ථධ්‍යාන) සමාධිය නොලබමි, ස්වාමීනි ඒ සමාධිය නොලබන්නාවූ මට ‘මම වනාහි කෙසේ (සාසනයෙන්) නොපිරිහෙම්දැ’යි මෙබඳු (අදහසක්) වෙයි.” “අස්සජිය, සමාධියම සාරයයි සිතන්නාවූ සමාධියම ශ්‍රමණභාවයයි සිතන්නාවූ යම් ඒ මහණ බමුණෝ වෙද්ද, ඒ සමාධිය නොලබන්නාවූ ඔවුන්ට ‘අපි නොපිරිහෙන්නමෝ වෙමුවා’යි මෙබඳු අදහසෙක් වෙයි.
“අස්සජිය, ඒ කුමකැයි සිතන්නෙහිද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි! අනිත්‍යය.”
“වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි අනිත්‍ය”ය.
“සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙද්ද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.”
එහෙයින් අස්සජිය, අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ තමා පිළිබඳවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි රූපයෙක් වේද, ඒ සියලු ‘රූපය මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි වේදනාවක් වේද, ‘ඒ සියලු වේදනාව මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංඥාවක් වේද, ‘ඒ සියලු සංඥාව මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම් හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංස්කාරයෝ වෙද්ද, ‘ඒ සියලු සංස්කාරයෝ මාගේ නොවෙත්. මම නොවෙමි, මාගේ ආත්මය නොවෙත්යයි’ මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි විඤ්ඤාණයෙක් වේද, ‘ඒ සියලු විඤ්ඤාණය මාගේ නොවේ. මම නොවෙමි මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
මෙසේ දක්නාවූ ආර්යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් (ක්ලෙශයන් කෙරෙන්) මිදේ. මිදුණු කල්හි (කෙලෙසුන් ගෙන්) මිදුණේයයි යන දැනීමවේ. ජාතිය ක්ෂයවිය. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. කළයුතු දැය කොට නිමවන ලද්දේය. මේ අර්හත් ඵලය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනී.
“හෙතෙම ඉදින් සැප වේදනාවක් විඳීද, “ඒ සැප වේදනාව අනිත්‍යයයි දැනගනී. තෘෂ්ණාවෙන් බැසනොගන්නා ලද්දීයයි දැනගනී. සතුටු නොවන ලද්දීයයි දැනගනී. ඉදින් දුඃඛ වේදනාව විඳීද, ඒ දුක්ඛ වේදනාව අනිත්‍යයයි දැනගනී. තෘෂ්ණාවෙන් බැස නොගන්නා ලද්දීයයි දැනගනී. සතුටු නොවන ලද්දීයයි දැනගනී. ඉදින් උපෙක්ෂා වේදනාව විඳීද, ඒ උපෙක්ෂා වේදනාව අනිත්‍යයයි දැනගනී. තෘෂ්ණාවෙන් බැස නොගන්නා ලද්දීයයි දැනගනී. සතුටු නොවන ලද්දීයයි දැනගනී.
“හෙතෙම ඉදින් සැප වේදනාව විඳීද, නොඇලුනේ ඒ සැප වේදනාව විඳී. ඉදින් දුඃඛවේදනාව විඳීද, (දුක කෙළවරවී සැප ලැබේවායි) නොඇලුනේ ඒ දුඃඛ වේදනාව විඳී. ඉදින් උපේක්ෂා වේදනාව විඳීද, නොඇලුනේ ඒ උපේක්ෂා වේදනාව විඳී, හෙතෙම කය කෙළවර කොට ඇති වේදනාව විඳින්නේ ‘කය කෙළවර කොට ඇති වේදනාව විඳීමයි’ දැනගනී. දිවි කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ දිවි කෙළවර කොට ඇති වේදනාව විඳීමයි’ දැනගනී. කය බිඳීයාමෙන් පසු ජිවිතය කෙළවරවීමෙන් මෙහිම සතුටු නොවන ලද්දාවූ ඒ සියලු වේදනා සිහිල් බවට පැමිණෙන්නාහුයයි දැනගනී.
“අස්සජිය, යම්සේ වනාහි තෙල් නිසාද, වැටිය නිසාද, තෙල් පහන දැල්වෙන්නේද, ඒ තෙලද, වැටියද ක්ෂයවීමෙන් හේතුව නැතිව යාමෙන් පහන නිවෙන්නේද, අස්සජිය, එපරිද්දෙන්ම මහණතෙම කය කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ ‘කය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි’ දැනගනී. දිවි කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ ‘දිවි කෙළවර කොට ඇති වේදනාව විඳීමියි’ දැනගනී. කය බිඳීමෙන් මත්තෙහි ජීවිතක්ෂයවීමෙන් මෙහිම නොසතුටුවන ලද්දාවූ සියලු වේදනාවෝ සිහිල් වන්නාහුයයි දැන ගනීයයි” වදාළසේක.
(හයවෙනි අස්සජි සූත්‍රය නිමි.)
7. ඛෙමකසුත්තං 7. ඛෙමක සූත්‍රය
8. ඡන්නසුත්තං 8. ඡන්න සූත්‍රය
9. රාහුලසුත්තං 9. රාහුල සූත්‍රය
10. දුතියරාහුලසුත්තං 10. රාහුල සූත්‍රය
10. පුප්ඵවග්ගො 10. පුප්ඵ වර්ගය
1. නදීසුත්තං 1. නදී සූත්‍රය
2. පුප්ඵසුත්තං 2. පුප්ඵ සූත්‍රය
3. ඵෙණපිණ්ඩූපමසුත්තං 3. ඵෙණ සූත්‍රය
4. ගොමයපිණ්ඩසුත්තං 4. ගොමය සූත්‍රය
5. නඛසිඛාසුත්තං 5. නඛ සිඛ සූත්‍රය
6. සුද්ධිකසුත්තං 6. සාමුද්දක සූත්‍රය
7. ගද්දුලබද්ධසුත්තං 7. ගද්දුල සූත්‍රය
8. දුතියගද්දුලබද්ධසුත්තං 8. ගද්දුලා සූත්‍රය
9. වාසිජටසුත්තං 9. නාවා සූත්‍රය
10. අනිච්චසඤ්ඤාසුත්තං 10. සඤ්ඤා සූත්‍රය
11. අන්තවග්ගො 11. අන්ත වර්ගය
1. අන්තසුත්තං 1. අන්ත සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. සක්කායසුත්තං 3. සක්කාය සූත්‍රය
4. පරිඤ්ඤෙය්‍යසුත්තං 4. පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
5. සමණසුත්තං 5. සමණ සූත්‍රය
6. දුතියසමණසුත්තං 6. සමණ සූත්‍රය
7. සොතාපන්නසුත්තං 7. සෝතාපන්න සූත්‍රය
8. අරහන්තසුත්තං 8. අරහ සූත්‍රය
9. ඡන්දප්පහානසුත්තං 9. ඡන්ද රාග සූත්‍රය
10. දුතියඡන්දප්පහානසුත්තං 10. ඡන්ද රාග සූත්‍රය
12. ධම්මකථිකවග්ගො 12. ධර්මකථික වර්ගය
1. අවිජ්ජාසුත්තං 1. භික්ෂු සූත්‍රය
2. විජ්ජාසුත්තං 2. භික්ෂු සූත්‍රය
3. ධම්මකථිකසුත්තං 3. ධර්මකථික සූත්‍රය
4. දුතියධම්මකථිකසුත්තං 4. ධර්මකථික සූත්‍රය
5. බන්ධනසුත්තං 5. බන්ධන සූත්‍රය
6. පරිපුච්ඡිතසුත්තං 6. පරිමුච්චිත සූත්‍රය
7. දුතියපරිපුච්ඡිතසුත්තං 7. පරිමුච්චිත සූත්‍රය
8. සංයොජනියසුත්තං 8. සඤ්ඤොජන සූත්‍රය
9. උපාදානියසුත්තං 9. උපාදාන සූත්‍රය
10. සීලවන්තසුත්තං 10. සීල සූත්‍රය
11. සුතවන්තසුත්තං 11. සුතවා සූත්‍රය
12. කප්පසුත්තං 12. කප්ප සූත්‍රය
13. දුතියකප්පසුත්තං 13. කප්ප සූත්‍රය
13. අවිජ්ජාවග්ගො 13. අවිජ්ජා වර්ගය
1. සමුදයධම්මසුත්තං 1. සමුදය ධම්ම සූත්‍රය
2. දුතියසමුදයධම්මසුත්තං 2. සමුදය ධම්ම සූත්‍රය
3. තතියසමුදයධම්මසුත්තං 3. සමුදය ධම්ම සූත්‍රය
4. අස්සාදසුත්තං 4. අස්සාද සූත්‍රය
5. දුතියඅස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. සමුදයසුත්තං 6. සමුදය සූත්‍රය
7. දුතියසමුදයසුත්තං 7. සමුදය සූත්‍රය
8. කොට්ඨිකසුත්තං 8. කොට්ඨිත සූත්‍රය
9. දුතියකොට්ඨිකසුත්තං 9. කොට්ඨිත සූත්‍රය
10. තතියකොට්ඨිකසුත්තං 10. කොට්ඨිත සූත්‍රය
14. කුක්කුළවග්ගො 14. කුක්කුල වර්ගය
1. කුක්කුළසුත්තං 1. කුක්කුල සූත්‍රය
2. අනිච්චසුත්තං 2. අනිච්ච සූත්‍රය
3. දුතියඅනිච්චසුත්තං 3. අනිච්ච සූත්‍රය
4. තතියඅනිච්චසුත්තං 4. අනිච්ච සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. දුතියදුක්ඛසුත්තං 6. දුක්ඛ සූත්‍රය
7. තතියදුක්ඛසුත්තං 7. දුක්ඛ සූත්‍රය
8. අනත්තසුත්තං 8. අනත්ත සූත්‍රය
9. දුතියඅනත්තසුත්තං 9. අනත්ත සූත්‍රය
10. තතියඅනත්තසුත්තං 10. අනත්ත සූත්‍රය
11. නිබ්බිදාබහුලසුත්තං 11. කුලපුත්ත සූත්‍රය
12. අනිච්චානුපස්සීසුත්තං 12. කුලපුත්ත සූත්‍රය
13. දුක්ඛානුපස්සීසුත්තං 13. කුලපුත්ත සූත්‍රය
14. අනත්තානුපස්සීසුත්තං 14. කුලපුත්ත සූත්‍රය
15. දිට්ඨිවග්ගො 15. දිට්ඨි වර්ගය
1. අජ්ඣත්තසුත්තං 1. අජ්ඣත්ත සූත්‍රය
2. එතංමමසුත්තං 2. එතං මම සූත්‍රය
3. සොඅත්තාසුත්තං 3. සො අත්තා සූත්‍රය
4. නොචමෙසියාසුත්තං 4. නොච මෙ සියා සූත්‍රය
5. මිච්ඡාදිට්ඨිසුත්තං 5. මිච්ඡාදිට්ඨි සූත්‍රය
6. සක්කායදිට්ඨිසුත්තං 6. සක්කාය දිට්ඨි සූත්‍රය
7. අත්තානුදිට්ඨිසුත්තං 7. අත්තානු දිට්ඨි සූත්‍රය
8. අභිනිවෙසසුත්තං 8. විනිවේස සූත්‍රය
9. දුතියඅභිනිවෙසසුත්තං 9. විනිවේස සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය