ත්‍රිපිටකය
8. සිඞ්ගාලසුත්තං 8. සිගාලක සූත්‍රය
242
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන සිඞ්ගාලකො (සිගාලකො (සී.)) ගහපතිපුත්තො කාලස්සෙව උට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථො අල්ලකෙසො පඤ්ජලිකො පුථුදිසා (පුථුද්දිසා (සී. ස්‍යා. පී.)) නමස්සති - පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිසං.
242
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර (ලෙහෙනුන්ට වැටුප් දුන් හෙයින්) කලන්දකනිවාප නම්වූ, වෙළුවන වෙහෙරෙහි වාසය කළහ.
එකල සිගාලක නම් ගෘහපති පුත්‍ර තෙම කල් ඇතිවම නැගිට රජගහ නුවරින් පිටත්ව ගොස් තෙත්වූ ඇඳුම් ඇතුව තෙත්වූ හිසකෙස් ඇතුව ඇඳිලිබැඳගෙන නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, යට දිසාවය, උතුරු දිසාවය, උඩ දිසාවය යන බොහෝ දිසාවන් නමස්කාර කරන්නේය.
243
අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො භගවා සිඞ්ගාලකං ගහපතිපුත්තං කාලස්සෙව වුට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථං අල්ලකෙසං පඤ්ජලිකං පුථුදිසා නමස්සන්තං - පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිසං. දිස්වා සිඞ්ගාලකං ගහපතිපුත්තං එතදවොච - ‘‘කිං නු ඛො ත්වං, ගහපතිපුත්ත, කාලස්සෙව උට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථො අල්ලකෙසො පඤ්ජලිකො පුථුදිසා නමස්සසි - පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිස’’න්ති? ‘‘පිතා මං, භන්තෙ, කාලං කරොන්තො එවං අවච - ‘දිසා, තාත, නමස්සෙය්‍යාසී’ති. සො ඛො අහං, භන්තෙ, පිතුවචනං සක්කරොන්තො ගරුං කරොන්තො මානෙන්තො පූජෙන්තො කාලස්සෙව උට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථො අල්ලකෙසො පඤ්ජලිකො පුථුදිසා නමස්සාමි - පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිස’’න්ති.
243
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස ගියෝය.
කල් ඇතිවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත් වූ ඇඳුම් ඇතිව, තෙත්වූ හිස කෙස් ඇතිව ඇඳිලි බැඳගෙන (ඇඟිලි එකට තබාගෙන) නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිසාවය, යන බොහෝ දිසාවන් වඳින්නවූ සිගාලක නම් ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ දුටුවෝය. (එසේ) දැක සිගාලක නම් ගෘහපති පුත්‍රයාට මෙය කීවාහුය. “ගෘහපති පුත්‍රය, නුඹ කල් ඇතුවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත්වූ ඇඳුම් ඇතිව තෙත්වූ හිස කෙස් ඇතිව ඇදිලි බැඳ ගෙන නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිසාවය යන බොහෝ දිසාවන්ට කුමක් හෙයින් වඳින්නෙහිදැ”යි, ඇසූහ.
“ස්වාමීන් වහන්ස, (මගේ) පියා මැරෙණ කල මට මෙසේ කීයේය. ‘දරුව, දිශාවන්ට නමස්කාර කරව” (කියායි.)
“ස්වාමීන් වහන්ස, ඒ මම පියාගේ වචනයට සත්කාර කරන්නේ, ගෞරව කරන්නේ, බුහුමන්කරන්නේ, පුදන්නේ කල් ඇතුවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත්වූ ඇඳුම් ඇතිව තෙත්වූ හිස කෙස් ඇතිව, ඇඳිලි බැඳගෙන නැගෙනහිර දිශාවය, දකුණු දිශාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිශාවය යන බොහෝ දිශාවන්ට නමස්කාර කරමි’යි කීයේය.
ඡ දිසා ඡ දිසා
244
‘‘න ඛො, ගහපතිපුත්ත, අරියස්ස විනයෙ එවං ඡ දිසා (ඡද්දිසා (සී. පී.)) නමස්සිතබ්බා’’ති. ‘‘යථා කථං පන, භන්තෙ, අරියස්ස විනයෙ ඡ දිසා (ඡද්දිසා (සී. පී.)) නමස්සිතබ්බා? සාධු මෙ, භන්තෙ, භගවා තථා ධම්මං දෙසෙතු, යථා අරියස්ස විනයෙ ඡ දිසා (ඡද්දිසා (සී. පී.)) නමස්සිතබ්බා’’ති.
‘‘තෙන හි, ගහපතිපුත්ත සුණොහි සාධුකං මනසිකරොහි භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො සිඞ්ගාලකො ගහපතිපුත්තො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -
‘‘යතො ඛො, ගහපතිපුත්ත, අරියසාවකස්ස චත්තාරො කම්මකිලෙසා පහීනා හොන්ති, චතූහි ච ඨානෙහි පාපකම්මං න කරොති, ඡ ච භොගානං අපායමුඛානි න සෙවති, සො එවං චුද්දස පාපකාපගතො ඡද්දිසාපටිච්ඡාදී (පටිච්ඡාදී හොති (ස්‍යා.)) උභොලොකවිජයාය පටිපන්නො හොති. තස්ස අයඤ්චෙව ලොකො ආරද්ධො හොති පරො ච ලොකො. සො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
244
“ගෘහපති පුත්‍රය, ආර්‍ය්‍ය විනයෙහි (බුදු සස්නෙහි) මෙසේ සදිශාවෝ නොවැඳිය යුත්තාහුයි” කීවාහුය.
“ස්වාමීන් වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි කෙසේනම් සදිසාවෝ වැඳිය යුත්තාහුද, ස්වාමීන් වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි සදිශාවෝ යම් පරිද්දකින් වැඳිය යුත්තාහුද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ මට ධර්මය දේශනා කළ මැනවැයි” (කීයේය.)
“ගෘහපති පුත්‍රය, එසේවී නම් අසව, හොඳින් සිහියේ තබාගනුව කියන්නෙමියි” (කීවෝය)
“ස්වාමීන් වහන්ස, එසේයයි” කියා සිගාලක ගෘහපති පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.
“ගෘහපති පුත්‍රය, යම් කලක පටන් උතුම් ශ්‍රාවකයා විසින් කර්ම ක්ලෙශ (අපිරිසිදු ක්‍රියා) සතරක් දුරු කරණ ලද්දාහු වෙද්ද, කරුණු සතරකින් පව්කම් නොකෙරේද, වස්තු විනාශයට හේතුවූ කරුණු සය සේවනය නොකෙරේද, හෙතෙම මෙසේ දාහතරක්වූ ලාමක ගතිවලින් වෙන් වූයේ සය දිශාවන් භය නූපදින සේ වසා තබන්නෙක්ව දෙලොවම ජය ගැනීම පිණිස පිළිපදින්නේ වෙයි. ඔහු විසින් මෙලොවද දිනන ලද්දේ වෙයි. පරලොවද දිනන ලද්දේ වෙයි. හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදින්නේය.
චත්තාරොකම්මකිලෙසා චත්තාරොකම්මකිලෙසා
චතුට්ඨානං චතුට්ඨානං
ඡ අපායමුඛානි ඡ අපායමුඛානි
සුරාමෙරයස්ස ඡ ආදීනවා සුරාමෙරයස්ස ඡ ආදීනවා
විකාලචරියාය ඡ ආදීනවා විකාලචරියාය ඡ ආදීනවා
සමජ්ජාභිචරණස්ස ඡ ආදීනවා සමජ්ජාභිචරණස්ස ඡ ආදීනවා
ජූතප්පමාදස්ස ඡ ආදීනවා ජූතප්පමාදස්ස ඡ ආදීනවා
පාපමිත්තතාය ඡ ආදීනවා පාපමිත්තතාය ඡ ආදීනවා
ආලස්‍යස්ස ඡ ආදීනවා ආලස්‍යස්ස ඡ ආදීනවා
මිත්තපතිරූපකා මිත්තපතිරූපකා
සුහදමිත්තො සුහදමිත්තො
ඡද්දිසාපටිච්ඡාදනකණ්ඩං ඡද්දිසාපටිච්ඡාදනකණ්ඩං